ශ්‍රී ලංකාවේ නව ඊශ්‍රායල් තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකාවේ නව ඊශ්‍රායල් තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය සහිතව, නව දිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා ඊශ්‍රායල් රාජ්‍යයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් නඕර් ගිලොන් මැතිතුමා ඊශ්‍රායෙල් රාජ්‍යය විසින් පත් කරන ලදී. එතුමා 2022 වර්ෂයේ පෙබරවාරි 01 වැනි දින කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ප.ව. 5.00 ට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2022 පෙබරවාරි 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close