සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී තෛපොංගල් උත්සවය සැමරේ

සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී තෛපොංගල් උත්සවය සැමරේ

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2022 ජනවාරි මස 20 වන බ්‍රහස්පතින්දා දින මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී තෛපොංගල් උත්සවය සැමරීය.

සිංගප්පූරු ලංකා ද්‍රවිඩ සංගමයේ සහ ශ්‍රී සෙන්පාග විනයාගර් සිද්ධස්ථානයේ නියෝජිතයින් පිරිසක් විශේෂ ආරාධිතයන් ලෙස මෙම  උත්සවයට එක්විය. 1850 කාලවකවානුවේ දී ඉදිකරන ලද සිංගප්පූරුවේ සෙන්පග විනයාගර් දේවස්ථානය එවකට ලංකාව ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සබැඳියාවක් පවතී. ශ්‍රී ලංකා දමිළ ජාතික ප්‍රජාව මෙම විහාරස්ථානයේ මුල්ම ව්‍යුහයන් ගොඩනැගීමේ පුරෝගාමීන් ලෙස සැලකෙන අතර සිංගප්පූරු-ලංකා ද්‍රවිඩ සංගමය ද වසර ගණනාවක් පුරා මෙම සිද්ධස්ථානයේ නඩත්තුව සහ කළමනාකරණය සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

සෙන්පාග විනායගර් විහාරස්ථානයේ ශ්‍රී සබේසන් කුරුක්කල්තුමා විසින් විශේෂ පූජාව පවත්වා ශ්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවේ ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, රජයන් සහ ජනතාව වෙත ආශිර්වාද පළ කරනු ලැබීය.

මෙම අවස්ථාවට සම්බන්ධ වූ සියල්ලන් පිළිගනිමින් මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය කෘෂි ආර්ථිකයක් මත පදනම් වූ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකිකයන් තෛපොංගල් උත්සවය ඉතා ගෞරවයෙන් අපේක්ෂාවෙන් සිටින බවට සඳහන් වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තෛපොංගල් දින පණිවිඩයේ ප්‍රධාන කරුණු ඉස්මතු කළ අතර ස්වභාවධර්මයට අනුකූලව හරිත කෘෂිකර්මාන්තය මත පදනම් වූ ජීවන රටාවකට අනුගත වෙමින් සමෘද්ධිය කරා ගමන් කළ යුතු බව පැවසීය.

සිංගප්පූරුවේ සංවර්ධනය සඳහා ශ්‍රී ලාංකීය දමිළ ප්‍රජාව විසින් සපයන ලද පුළුල් දායකත්වය මහ කොමසාරිස්වරිය විසින් අගය කරනු ලැබූ අතර, එම ප්‍රජාව සිය රටේ, එහි විවිධත්වයේ සහ කුසලතාවන්ගේ සාඩම්බර පිළිබිඹුවක් බව ප්‍රකාශ කළාය. සිංගප්පූරු - ශ්‍රී ලංකා සබඳතාව මෙම හවුල් සංස්කෘතික වටිනාකම්, ශක්තිමත් මිනිසුන් සහ පුද්ගලාන්තර බැඳීම් මත පදනම් වන බව එතුමිය තවදුරටත් පෙන්වා දුන්නාය.

උත්සවය අවසානයේදී පැමිණි සියලු දෙනා හට පොංගල් බත් සහ සිලෝන් තේ ඇතුළු සම්ප්‍රදායික රසකැවිලි ආදියෙන් සංග්‍රහ කරන ලදී.

සිංගප්පූරුවේ ප්‍රමුඛ පෙළේ දමිළ පුවත්පතක් වන තමිල් මුරසු පුවත්පත මඟින් සිංගප්පූරුවේ පැවති මෙම උත්සවය ආවරණය කෙරිණි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

සිංගප්පූරුව

2022 ජනවාරි 27 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close