සෞදි අරාබි රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ

සෞදි අරාබි රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ

රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 ජනවාරි මස 20 වන දින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහාය ඇතිව වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාව වෙත එවීමේ කාර්යය සම්බන්ධීකරණය කළේය.

සෞදි අරාබි රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් මෙම උපකරණ පරිත්‍යාග කරනු ලැබූ අතර තානාපති කාර්යාලයේ ඉල්ලීම මත රියාද් හි ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කර ඊට අවශ්‍ය පහසුකම් සපයන ලදි. ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.2 ක් පමණ වටිනාකමකින් යුත් කුඩා ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර ඒකක නවයක් මෙම පරිත්‍යාගයට ඇතුළත් විය.

මෙවන් දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාවේ වටිනා ජීවිත බේරා ගැනීමට උපකාර වෙමින් කාලීනව සිදු කළ මෙම පරිත්‍යාගය සඳහා සෞදි අරාබි රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සහ රියාද් හි ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය විසින් සිදු කරන ලද උතුම් කර්තව්‍යය වෙනුවෙන් තානාපති කාර්යාලයසිය ප්‍රශංසාව පළ කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රියාද්

2022 ජනවාරි 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close