හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ “2022 ලෝක වාර්තාව” නමැති වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ පරිච්ඡේදය සඳහා ප්‍රතිචාර දැක්වීම

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ “2022 ලෝක වාර්තාව” නමැති වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ පරිච්ඡේදය සඳහා ප්‍රතිචාර දැක්වීම

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ “2022 ලෝක වාර්තාව” නමැති වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ පරිච්ඡේදය රටේ වත්මන් මානව හිමිකම් තත්ත්වය අතිශයෝක්තියෙන් යුක්තව අනවශ්‍ය හා සෘණාත්මක අයුරින් නිරූපණය කර ඇති බව විදේශ අමාත්‍යංශය කනගාටුවෙන් දන්වා සිටියි.

ශ්‍රී ලංකාව, මානව හිමිකම් ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් වැනි  රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඵලදායී ලෙස කටයුතු කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර, මානව හිමිකම් සුරකින්නන් වශයෙන් ඔවුන් සිදු කරන ඵලදායී කාර්යභාරය ද පිළිගනී. කෙසේ වුවද, විශේෂයෙන්ම මෙවැනි අභියෝගාත්මක ගෝලීය, ආර්ථික සහ සමාජීය වාතාවරණයක් තුළ සිදු කෙරෙන සංවේදී කරුණු ඇතුළත් පක්ෂග්‍රාහී වාර්තාකරණය හේතුවෙන් රට තුළ අසමගිය පැතිරීම හා එය උග්‍ර තත්ත්වයට පත් වීමේ අවදානමක් හට ගනී. එබැවින්, වගකීම් සහගත, සමබර සහ අපක්ෂපාතී වාර්තාකරණයේ වැදගත්කම අපි මෙහිදී ඉස්මතු කරමු.

සියල්ල ඇතුළත්වූ, දේශීය වශයෙන් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසන්ධාන සහ වගවීමේ ක්‍රියාවලියක් තුළින් තිරසාර සාමය ළඟා කර ගැනීමේ ගමනක ශ්‍රී ලංකාව නිරතව සිටින බව පසුගිය වසරේ සැප්තැම්බර් මස ජිනීවා හි පැවති මානව හිමිකම් කවුන්සිලයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා සඳහන් කළේ ය. අපගේම ව්‍යවස්ථාවට සහ අපගේ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ දීර්ඝකාලීන කැපවීම ශ්‍රී ලංකාව යළිත් අවධාරණය කළේය.

මෑතකදී, එනම් 2022 ජනවාරි 18 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 9 වැනි සැසිවාරය ඇරඹූ අවස්ථාවේ දී අතිගරු ජනාධිපතිවරයා විසින් මෙම පණිවිඩය යළි අවධාරණය කරන ලදී.

ආර්ථිකසමාජීය සහ මානව සංවර්ධනය මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම ඇතුළු සියලුම අංශ සම්බන්ධයෙන් පවත්නා ජනවරම ක්‍රියාත්මක කිරීමේ දී රජය විසින් සිය ජනතාවට වගකියනු ලැබේ. මීට සමගාමීව පශ්චාද්-ගැටුම් තත්ත්වය යටතේ සංහිඳියාව ක්‍රියාවට නැංවීමවගවීම සහ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය  ලංකාවාසී ජනතාව ඉදිරියේ සහ ජාත්‍යන්තරය හමුවේ  නැවත වරක් සිදු කළ අවධාරණයට අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙහෙයුම් කටයුතුආර්ථික කටයුතු සහ මානව සබඳතා සම්බන්ධයෙන් හටගත් බාධා මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා රජය සුවිශේෂී ප්‍රගතියක් ලබා ඇත. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයවන්දි ගෙවීමේ කාර්යාලයශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන කවුන්සිලය යනාදී ස්වාධීන දේශීය ආයතනවල ක්‍රියාකාරිත්වය මෙම ප්‍රයත්නය සඳහා සහය වන සුවිශේෂී අංග වේ. මෙම ආයතනවල පවත්නා ස්වාධීන ව්‍යවස්ථාපිත බලතල ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය සහ වෙනත් සහය හරහා එම ආයතන බල ගන්වා ඇත. මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය හා සබැඳි මෙම දේශීය ක්‍රියාවලීන් හරහා සිදු වූ ප්‍රගතිය සම්බන්ධයෙන් වන නිරන්තර යාවත්කාලීන කිරීම් ශ්‍රී ලංකාව විසින් ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයට යොමු කරන ලද ප්‍රකාශවල අඩංගු වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමවගවීමත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවියන් නිදහස් කිරීමපුද්ගල ඒකරාශී වීම් සඳහා නිදහස ලබා දීමකොවිඩ් වසංගතය, මුස්ලිම් විවාහ සහ දික්කසාද ආඥාපනත පිළිබඳ යෝජිත සංශෝධන ආදී වශයෙන් ක්ෂේත්‍ර ගණනාවකට අදාළව මෑත කාලීනව ලබා ඇති ප්‍රගතිය හියුමන් රයිට්ස් වොච් සංවිධානය වෙත අප ලබා දුන් ප්‍රතිචාරය තුළින් ඉස්මතු කර ඇත්තෙමු.

ජාත්‍යන්තර ක්‍රියාකරුවන් ගත් කල, අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් වන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු දේශීය සහ  රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධානවල හිතෛශී බව සහ උපදෙස් ශ්‍රී ලංකා රජය බෙහෙවින් අගය කරන බව ද අපි ප්‍රකාශ කර ඇත්තෙමු. අපි ඔවුන් සමඟ අපගේ නිරන්තර අන්තර්ක්‍රියා අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර, ශ්‍රී ලංකාව සමඟ නිතිපතා සම්බන්ධ වන ලෙස ඔවුන් දිරිමත් කර ඇත්තෙමු.

ද්විපාර්ශ්වික සම්භාවනීය අමුත්තන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ බලතල දරන්නන් හමුවීම ඇතුළු එවැනි බොහෝ හුවමාරුවල දී, සියලුම දේශීය මැදිහත්කරුවන්ට ඊට ප්‍රවේශ වීමට පහසුකම් සලසා ඇති අතර ඔවුන්ගේ දිරිගැන්වීම්, උපදෙස් සහ උද්‍යෝගය කෙරෙහි සැලකිලිමත් වන්නෙමු. සංවර්ධන ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම් පිළිබඳ බොහෝ කරුණු සම්බන්ධයෙන් සිවිල් සමාජයේ හවුල්කරුවන් දක්වන ප්‍රවේශය සහ ප්‍රවීණත්වය හා සබැඳි අපගේ අන්තර් ක්‍රියාකාරිත්වය අපි විශේෂයෙන් අගය කරමු. තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම මෙන්ම ප්‍රතිසන්ධානය හා සබැඳි කරුණු සම්බන්ධයෙන් අප ඔවුන්ව සම්බන්ධ කරගෙන ඇත. මෙම කර්තව්‍යය පුළුල් තලයකට ගෙන යමින්, අප සමඟ හවුල් වන ලෙස ශ්‍රී ලාංකික ඩයස්පෝරා කණ්ඩායම්වලට ද ආරාධනා කර ඇත.

2021 වසරේ සැප්තැම්බර් මස පැවති මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ ස්ථාවරය සම්බන්ධයෙන් අප ප්‍රකාශ කර ඇති පරිදි, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ මෙන්ම කවුන්සිලය සමඟ ද පවත්නා දිගුකාලීන සහයෝගිතාව අඛණ්ඩව පවත්වනු ඇත. වගවීම සහ ප්‍රතිසන්ධාන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් වන අපගේ බැඳීම දේශීය යාන්ත්‍රණයන් සහ ආයතන හරහා අපි ඉටු කරමු. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ප්‍රකාශ කළ පරිදි, "අපි අපගේ අභියෝග පිළිගැනීමට විවෘතව සිටින අතර වගකිවයුතු සහ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස, වගවීම, සංහිඳියාව, මානව හිමිකම්, සාමය සහ තිරසාර සංවර්ධනය සම්බන්ධ සමස්ත විෂය පථයන්හි ප්‍රත්‍යක්ෂ ප්‍රගතියක් අත්කර ගැනීමට කැපවී සිටිමු". කවුන්සිලයේ බෙදීමට තුඩු දුන් 46/1 යෝජනාවේ අඩංගු වූ සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණය ප්‍රයෝජනවත් නොවන බවත් එමගින් ශ්‍රී ලංකාව තුළ දේශපාලනීකරණය වීමක් සහ බෙදීමක් හටගනු ඇති බවත් ශ්‍රී ලංකාවේ අදහසයි.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2022 ජනවාරි 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close