වියානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය 2022 නව වසර සඳහා රාජකාරි කටයුතු අරඹයි

වියානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය 2022 නව වසර සඳහා රාජකාරි කටයුතු අරඹයි

වියානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති චාම් උත්සවයකින් 2022 නව වසර සඳහා රාජකාරි කටයුතු ඇරඹීය.

ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනය සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සහ අනෙකුත් විරුවන් වෙනුවෙන් ගෞරව දැක්වීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවය ආරක්ෂා කිරීම මෙම වැඩසටහනට ඇතුළත් විය.

ඔස්ට්‍රියාවේ ධම්ම සෙන්ට්‍රම් ඤාණපෝනිකාවේ නිර්මාතෘ සහ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය විජයරාජපුර සීලවංශ මාහිමිපාණන් වහන්සේ විසින් ආගමික වතාවත් සිදු කරනු ලැබූ අතර ඉන් අනතුරුව මහා සංඝරත්නය වෙත හීල් දානය පිළිගැන්විණි. මෙහිදී ගෞරවනීය මහා සංඝරත්නය විසින් ශ්‍රී ලංකාවාසී ජනතාව සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙත ආශිර්වාද කරනු ලැබීය.

මෙම අවස්ථාවේ දී තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් රාජ්‍ය සේවය සඳහා වන ප්‍රතිඥාව ලබා දීම මඟින් කාර්යක්ෂමව සහ අවංකව රටට සේවය කිරීමට ඇති කැපවීම තහවුරු කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2022 ජනවාරි 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close