චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විශේෂ කොන්සියුලර් කඳවුරක් සාර්ථක ලෙස නිමාවට පත් කරයි

චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විශේෂ කොන්සියුලර් කඳවුරක් සාර්ථක ලෙස නිමාවට පත් කරයි

චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය 2021 දෙසැම්බර් 29 සහ 30 යන දෙදින තුළ සිය චාන්සරි පරිශ්‍රයේ දී විශේෂ කොන්සියුලර් කඳවුරක් පැවැත්වී ය.

මෙම විශේෂ කඳවුර හරහා ට්‍රිචි හි කෝට්ටපට්ටු, ඩින්ඩිගුල් හිතෝට්ටනූතු සහ තිරුනෙල්වේලි හි බෝගනල්ලූර් යන ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා උප්පැන්න සහතික 47 ක් සහ පුරවැසි සහතික 20 ක් නිකුත් කරන ලදි.

මෙම කඳවුර පැවැත්වීමට පෙර චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් විශේෂ කොන්සියුලර් කඳවුරු නිරන්තරයෙන් සංවිධානය කෙරිණි. එනමුදු කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 මාර්තු මාසයේදී මෙම කර්තව්‍යය තාවකාලිකව අත්හිටුවන ලදි. කෙසේ වුවද මෙවැනි කඳවුරු හරහා දකුණු ඉන්දියාවේ වෙසෙන විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව සඳහා ඉටු කරන ලද දැවැන්ත සේවාව සැලකිල්ලට ගනිමින් 2021 ඔක්තෝම්බර් මාසයේ සිට සියලුම සෞඛ්‍ය සහ ආරක්ෂක මාර්ගෝපදේශ සැලකිල්ලට ගනිමින් මෙම කඳවුරු නැවත වරක් සංවිධානය කිරීමට දූත මණ්ඩලය ක්‍රියාමාර්ග ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2021 දෙසැම්බර් 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close