චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය නත්තල සමරයි

චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය නත්තල සමරයි

 

චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය 2021 දෙසැම්බර් මස 21වන දින චාන්සරි පරිශ්‍රයේ දී සාමයේ පණිවුඩය රැගත් නත්තල් සැමරුම් උත්සවයක් පැවැත්වීය.

එග්මෝර් වෙස්ලි දේවස්ථානයේ  සභාපති ධුරය දරන ප්‍රධාන දේවගැති ගරු මනෝවා සන්තෝෂම් පියතුමන් සහ ශාන්ත ජෝර්ජ් බලකොටුවේ පිහිටි ශාන්ත මරියා දේවස්ථානයේ ප්‍රධාන අනුශාසක සහ ජ්‍යෙෂ්ඨ පියතුමන් වන ගරු ආර්. එල්. රිචඩ්සන් පියතුමන් විසින් දේව පණිවුඩය සහ දිව්‍ය පූජාව සිදු කරන ලදී.

මෙවර නත්තලේ ප්‍රීතිය බෙදාහදා ගැනීම සඳහා ශ්‍රී ලංකා දූත පිරිස චෙන්නායි හි පිහිටි සී. එස්. අයි. උසස් ද්විතීයික බිහිරි පාසලේ ගුරුවරුන් සහ සිසුසිසුවියන් වෙත ආරාධනා කර තිබිණි. නත්තලේ තෑගිබෝග වශයෙන් ශ්‍රී ලංකා දූත කාර්ය මණ්ඩලයේ මූල්‍යමය සහාය ඇතිව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ සී. එස්. අයි. උසස් ද්විතීයික පාසල වෙත මෙම අවස්ථාවේ දී ප්‍රදානය කෙරිණි.

ආරාධිත සිසුසිසුවියන්, දූත කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් නත්තල් කැරොල් ගීත ගායන සහ නර්ථන අංග මෙම නත්තල් සැමරුම් උත්සවය අතරතුරදී ඉදිරිපත් කෙරුණු අතර දූත මණ්ඩලය විසින් පිරිනමන ලද ප්‍රණීත රාත්‍රී භෝජනයකින් අනතුරුව මෙම උත්සවය නිමා විය.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2021 දෙසැම්බර් 30 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close