ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජෝර්දානයේ බඳවා ගැනීමේ නියෝජිත සංගමයේ සාමාජිකයින් දැනුම්වත් කරයි

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජෝර්දානයේ බඳවා ගැනීමේ නියෝජිත සංගමයේ සාමාජිකයින් දැනුම්වත් කරයි

ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා අවස්ථා‍ වැඩි කිරීම සඳහා තානාපති කාර්යාලයීය කම්කරු අංශය විසින් ජෝර්දනයේ බඳවා ගැනීම් නියෝජිත සංගමයේ (RAA) සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙසැම්බර් මස 22 වන දින  චාන්සරි පරිශ්‍රයේදී සංවිධානය කරන ලදි. විදේශගත වීමට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලධාරීන් විසින් සංක්‍රමණික සේවකයින් වෙත ලබා දුන් වෘත්තීය පුහුණුව සහ කුසලතා ඉහළ නැංවීමේ වැඩසටහන් පිළිබඳව තෙවන ලේකම්වරයා වන පී. ඒ. රූපසිංහ මැතිතුමා විසින් සවිස්තරාත්මකව පැහැදිලි කරනු ලැබීය.  දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය මධ්‍යස්ථාන හරහා වෘත්තීය පුහුණු පාඨමාලා පැවැත්වෙන බව එතුමා විසින් මෙම අවස්ථාවේ දී සඳහන් කෙරිණි.

මෙම අවස්ථාවේ දී සිදු කළ සවිස්තරාත්මක ඉදිරිපත්කිරීම පිළිබඳව පැහැදීමට පත්වූ ජෝර්දාන නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන නැරඹීමට සහ සිය ප්‍රතිපාර්ශ්වික සංගමය හමුවීම සඳහා ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරයක් සංවිධානය කරන ලෙස තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටියේය. විශේෂයෙන්ම ජෝර්දානයේ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රය සඳහා පුහුණු ශ්‍රමිකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂා කරන ලෙස තානාපතිනී ශානිකා දිසානායක මැතිණිය තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සමඟ සම්බන්ධීකරණයෙන් තානාපති කාර්යාලය මඟින් නියෝජිත පිරිස සඳහා සංචාරය සංවිධානය කරන බව මෙහිදී ඔවුන් දැනුම්වත්කෙරිණි.

මෙම වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ‘කුරුල්ලෙකු‍ගේ ඇසින් දිස්වන ශ්‍රී ලංකාව’ නමින් දැක්වෙන වීඩියෝ පටයක් කම්කරු අංශයේ මංජුල බණ්ඩාර මහතා විසින් ප්‍රදර්ශනය කරන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

‍ජෝර්දානය

2021 දෙසැම්බර් 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close