ශ්‍රී ලංකාව වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම

 ශ්‍රී ලංකාව වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම

2021 වර්ෂයේ ජූලි මාසයේ දී එවකට රටේ පැවති කොවිඩ්-19 තත්ත්වයට පිළියම් යෙදීම සඳහා ශ්‍රී ලංකාව වෙ‍ත ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර කිහිපයක් සංකේතාත්මක වශයෙන් පරිත්‍යාග කළ බෙල්ජියමේ ලාභ නොලබන සංවිධානයක් වන දේශසීමා රහිත රෝහල (HÔpital Sans Frontiéres- HSF/ZZG) විසින් තවත් ඔක්සිජන් සාන්ද්‍රක කට්ටලයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කොට ඇත. දේශසීමා රහිත රෝහලේ අධ්‍යක්ෂ ස්ටෙෆාන් ලන්ඩස් මහතා විසින් බ්‍රසල්ස් හි තානාපතිනී ග්‍රේස් ආසිර්වාදම් මැතිණිය වෙත මෙම ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර භාර දෙනු ලැබීය. මෙම කාර්යයට අදාළ ව දූත මණ්ඩලය වෙත සිය සහයෝගය පිරිනමමින් ඇන්ට්වර්ප් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් මොනික් ඩි ඩෙකර් මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි වූවාය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2021 දෙසැම්බර් 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close