හයිසන්ස් (Hisense) සහ හයර් (Haier) ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගම් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලා ස්ථාපනය කිරීමට දිරිගැන්වේ.

හයිසන්ස් (Hisense) සහ හයර් (Haier) ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගම් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලා ස්ථාපනය කිරීමට දිරිගැන්වේ.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා සහෝදරත්ව නගර සබඳතා ඇති කර ගැනීම සඳහා වන අභිප්‍රාය ලිපියේ අත්සන් තැබීම දැක බලා ගැනීමට ච්‍යුයින්තාඕ වෙත පැමිණි අවස්ථාවේදී සංචාරයක් සඳහා හයිසන්ස් සහ හයර් ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගම්වල ප්‍රධාන කාර්යාල වෙත පැමිණීමට ආරාධනා කෙරිණි.

හයිසන්ස් යනු සුදු පැහැති ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ගෘහ උපකරණ නිෂ්පාදනයේ ගෝලීය දැවැන්තයෙකු වන අතර සිය නිෂ්පාදන සඳහා අධික ඉල්ලුමක් ඇති සේවාදායකයින් විශාල පිරිසකගේ ඉහළ අපේක්ෂාවන් සපුරාලීම සඳහා කෘතිම බුද්ධිය වැඩි වශයෙන් භාවිතා කරයි. එසේ ම හයිසන්ස් සමාගම විසින් 100,000 කට අධික උපකරණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ අලෙවි කර ඇත. දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා පමණක් නොව කලාපීය වෙළඳපලට ද සරිලන නිෂ්පාදන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට සලකා බලන ලෙස තානාපති ආචාර්ය කොහොන මැතිතුමා විසින් හයිසන්ස් සමාගම වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව ඔවුන් විසින් උද්යෝගයෙන් පිළිගන්නා ලදි.

හයර් ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන කාර්යාලය වෙත තානාපති කොහොන මැතිතුමාගේ සංචාරය මෙන් ම ප්‍රදර්ශනාගාර පහසුකම් නැරඹීම සඳහා අවස්ථාව ලැබීමෙන් එම නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමේ ව්‍යාපාරයට කෙතරම් දායකත්වයක් ලබා දී තිබේද යන්න අවබෝධ කර ගැනීමට එතුමාට හැකි විය. යුනිසෙෆ් ආයතනයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව වෙත නැව්ගත කරන ලද විශේෂ උපකරණයක් මෙම සමාගම යටතේ නිර්මාණය කර ඇති අතර සෙල්සියස් අංශක -80 යටතේ වූ විශේෂිත එන්නත් වර්ගයක් ගබඩා කිරීම සඳහා මෙම උපකරණය භාවිත කිරීමට හැකියාව ලැබේ. හයර් ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගම ලංකා පෞද්ගලික රෝහල, JKU පෞද්ගලික රෝහල සහ පළාත් රෝහල් සමඟ සබඳතා පවත්වනු ලැබූ අතර යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය එහි විශාලතම වෙළඳපලවල් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 නොවැම්බර් 17 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close