ශ්‍රී ලංකාව සඳහා දකුණු අප්‍රිකා ජනරජයේ මහ කොමසාරිස්වරයා පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා දකුණු අප්‍රිකා ජනරජයේ මහ කොමසාරිස්වරයා පත් කිරීම

ශ්‍රී ලංකා රජය සමඟ එකඟතාවයෙන් යුතුව දකුණු අප්‍රිකා ජනරජයේ රජය විසින්, හිටපු මහ කොමසාරිස් රොබිනා පී. මාර්ක්ස් මැතිනියගේ අනුප්‍රාප්තිකයා වන සැන්ඩිල් එඩ්වින් ෂැල්ක් මැතිතුමා ශ්‍රී ලංකාව සඳහා වන දකුණු අප්‍රිකා ජනරජයේ මහ කොමසාරිස්වරයා වශයෙන් පත් කොට ඇත. එතුමා 2021 නොවැම්බර් 16 වැනි දින පෙ.ව. 10.30 ට කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 නොවැම්බර් මස 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close