වැඩ බලන කොන්සල් ජනරාල්වරයා ජෙඩා හි  කොරියානු ජනරජයේ කොන්සල් ජනරාල්වරයා සහ රුසියානු සමූහාණ්ඩුවේ කොන්සල් ජනරාල්වරයා හමු වෙයි

වැඩ බලන කොන්සල් ජනරාල්වරයා ජෙඩා හි  කොරියානු ජනරජයේ කොන්සල් ජනරාල්වරයා සහ රුසියානු සමූහාණ්ඩුවේ කොන්සල් ජනරාල්වරයා හමු වෙයි

වැඩ බලන කොන්සල් ජනරාල් ටී.එෆ්.එම්. ආශික් මහතා, 2021 ඔක්තෝබර් 11 වැනි දින සෞදි අරාබියේ ජෙඩා හිදී කොරියානු ජනරජයේ කොන්සල් ජනරාල් බයෝන්ග් ජින් හන් මහතා සහ රුසියානු සමූහාණ්ඩුවේ කොන්සල් ජනරාල් යූසුප් අබකරෝව් මහතා හමු විය.

මෙම සාකච්ඡාවේ දිවා භෝජන සංග්‍රහය අතරතුර දී වෙළෙඳ, සංචාරක සහ ආරක්ෂක යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වන  අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, එම ක්ෂේත්‍රවල පවත්නා හොඳම භාවිතයන් පිළිබඳව ද අදහස් හුවමාරු කෙරිණි.

මෙහි දී රටවල් අතර පවත්නා මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ පොදු වටිනාකම් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට කොන්සල් ජනරාල්වරු එකඟ වූහ.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ජෙඩා

15 නොවැම්බර්, 2021

Print Friendly, PDF & Email
Please follow and like us:

Close