සීෂෙල්ස් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ප්‍රවාහන අමාත්‍ය  ඇන්තනි ඩර්ජාකස් මැතිතුමා සමඟ සීෂෙල්ස් හි ප්‍රවාහන අංශයේ පවතින අවස්ථා පිළිබඳව සාකච්ඡා කරයි

සීෂෙල්ස් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ප්‍රවාහන අමාත්‍ය  ඇන්තනි ඩර්ජාකස් මැතිතුමා සමඟ සීෂෙල්ස් හි ප්‍රවාහන අංශයේ පවතින අවස්ථා පිළිබඳව සාකච්ඡා කරයි

සීෂෙල්ස් ජනරජයේ ප්‍රවාහන අංශයේ පවතින අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සීෂෙල්ස් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශ්‍රීමාල් වික්‍රමසිංහ මැතිතුමා 2021 ඔක්තෝබර් මස 1 වැනි දින සීෂෙල්ස් හි ප්‍රවාහන අමාත්‍ය ඇන්තනි ඩර්ජාකස් මැතිතුමා හමු විය.

සමුද්‍රීය හා ගුවන් සේවාවල වර්ධනය සඳහා ඇති ශක්‍යතා ද සමඟ අවශ්‍යතාවය මත අනෙකුත් අංශ තුළ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව යන කරුණු මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම සුහද හමුවේ සුවිශේෂී අරමුණ වූයේ සීෂෙල්ස් හි ප්‍රවාහන අමාත්‍යංශය හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාව ශක්තිමත් කර ගැනීම යි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මතුව ඇති අභියෝග ජයගැනීම සඳහා මුළු ලොවම අඛණ්ඩ උත්සාහයක නිරතව සිටින පසුබිමක, ප්‍රවාහන අංශයේ ආර්ථික වර්ධනය හා අවස්ථා ඉහළ නැංවීම සඳහා සම්බන්ධීකරණයේ හා ජාලගත කිරීමේ ඇති වැදගත්කම ගරු අමාත්‍යවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

වික්ටෝරියා

2021 ඔක්තෝබර් 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close