දකුණු චීනයේ පැවැත්වෙන 17 වැනි චීන ජාත්‍යන්තර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා අනාගත ගැනුම්කරුවන් සපයා ගැනීම

දකුණු චීනයේ පැවැත්වෙන 17 වැනි චීන ජාත්‍යන්තර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා අනාගත ගැනුම්කරුවන් සපයා ගැනීම

ගුවාන්ෂෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් 2021 සැප්තැම්බර් 16 සිට 19 දක්වා ගුවාන්ෂෝ හිදී 17 වැනි චීන ජාත්‍යන්තර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රදර්ශනයේ (CISMEF) ශ්‍රී ලංකා ප්‍රදර්ශනාගාරය, චීනයේ පිහිටි ශ්‍රී ලාංකික සමාගම් 07 කින් සමන්විතව සකස් කරන  ලදි.

2004 දී ආරම්භ කරන ලද CISMEF ප්‍රදර්ශනය මඟින්, චීනය සහ අනෙකුත් රටවල් අතර අවබෝධය වැඩි දියුණු කිරීම, සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ වෙළඳ සංවර්ධනය සඳහා දේශීය හා විදේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සමඟ ප්‍රදර්ශනය කිරීම, වෙළඳාම, හුවමාරු කර ගැනීම සහ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා වේදිකාවක් සපයයි.

ශ්‍රී ලංකා රටේ ප්‍රදර්ශනාගාරය, ලයන් මැනේජ්මන්ට් (පුද්.) සමාගම, සිලෝන් ටිප්ස් බ්‍රෑන්ඩිං (පුද්.) සමාගම, මැලිබන් බිස්කට් මැනුෆැක්චරීස් (පුද්.) සමාගම, ආර්පිකෝ, ඉම්පීරියල් ටී (පුද්.) සමාගම, සිනොලන් ටී සහ ටී ටෝක් යන ආයතනවලින් සමන්විත වූ අතර, ප්‍රදර්ශනයට සහභාගී වූ දේශීය ගැනුම්කරුවන්ට සහ අමුත්තන්ට ලංකා තේ, බිස්කට්, කුළු බඩු, කිතුල් පැණි, පොල්තෙල්, පොල් වතුර සහ ආර්පිකෝ කොට්ට ප්‍රවර්‍ධනය කරමින් අලෙවි කරන  ලදි.

දකුණු චීනයේ දී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ප්‍රවර්‍ධනය කිරීම සඳහා CISMEF මඟින් ශ්‍රී ලංකාවේ සමාගම්වලට හොඳ අවස්ථාවක් ලබා දුන්නේය. තම නිෂ්පාදන සඳහා අනාගත චීන ගැනුම්කරුවන් කිහිප දෙනෙකු සුරක්‍ෂිත කිරීමට සමාගම් සමත් වූ අතර, විශේෂයෙන් චීන ගැනුම්කරුවන් අතර ඉතා සාර්ථක වූ කිතුල් පැණි සඳහා, මෙම නිෂ්පාදනය විශාල චීන වෙළඳපොලක් දක්වා ව්‍යාප්ත කිරීමේ අපේක්ෂාවන් නිර්‍මාණය විය.

ශ්‍රී ලංකා ප්‍රදර්ශනාගාරය ගුවාන්ෂෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ කුටියකින් ද සමන්විත වූ අතර, ඊට ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන, සංස්කෘතික ස්ථාන සහ ශ්‍රී ලංකාවේ අත්කම් නිර්මාණ සමහරක් ඇතුළත් විය. CISMEF නැරඹීමට පැමිණෙන බොහෝ අමුත්තන් සහ ගැනුම්කරුවන් ශ්‍රී ලංකා ප්‍රදර්ශනාගාරය වෙත ආකර්ෂණය වී ශ්‍රී ලංකාව පිළිබඳව විමසීමක් කළ අතර, ‘ලංකා තේ’ රස බලා ඔවුන්ගේ නිෂ්පාදන පරීක්‍ෂා කරමින් මිලදී ගත්තේය.

මෙවර CISMEF ප්‍රදර්ශනය රටවල් හා කලාප 35 ක් ඇතුළුව දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 2000 කින් සමන්විත විය. ප්‍රධාන වශයෙන් දකුණු චීනයෙන් පැමිණි අමුත්තන් 100,000 කට අධික සංඛ්‍යාවක් සහ ගැනුම්කරුවන් 10,000 කට වැඩි ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය

ගුවාන්ෂෝ

2021 සැප්තැම්බර් 23 වැනි දින 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close