කෙන්යාව ශ්‍රී ලංකාවේ හොඳ මිතුරෙක් බව කනනාදන් මැතිතුමා කෙන්යාවේ විදේශ අමාත්‍යවරියට පවසයි

කෙන්යාව ශ්‍රී ලංකාවේ හොඳ මිතුරෙක් බව කනනාදන් මැතිතුමා කෙන්යාවේ විදේශ අමාත්‍යවරියට පවසයි

කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වේලුපිල්ලේ කනනාදන් මැතිතුමා 2021 සැප්තැම්බර් 15 දින නයිරෝබි හිදී කෙන්යානු විදේශ අමාත්‍ය තානාපති රේචෙල් ඔමාමෝ මැතිණිය හමුවිය.

සාකච්ඡා ආරම්භයේදීම, දෙරට අතර වර්ධනය වන සබඳතා පිළිබඳව අවධාරණය කළ විදේශ අමාත්‍යවරිය, විවිධ කටයුතු තුළින් කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවලට නව ගතික භාවයක් ඇතුළු කිරීම සහ ජවයක් ලබා දීම පිළිබඳව මහ කොමසාරිස්වරයාට ස්තූති කළාය. කෙන්යාව සහ ශ්‍රී ලංකාව දශක පහකටත් අධික කාලයක් තිස්සේ මිත්‍ර සබඳතා භුක්ති විඳිමින් සිටින බවත්, එමඟින් දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා වන ස්වාභාවික සහජීවනය ප්‍රත්‍යක්ෂ වූ බව විදේශ අමාත්‍ය ඔමාමෝ මැතිණිය පැවසුවාය.

ශ්‍රී ලංකාව සහ නයිරෝබි අතර මෑත කාලීන ගුවන් සම්බන්ධතාවය දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා දෙරට භෞතිකව සමීප කිරීමේ සන්ධිස්ථානය වන බව මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා අවධාරණය කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේ ඍජු මඟපෙන්වීම යටතේ කෙටි කාලයක් තුළ සමස්ත ජනගහනයම එන්නත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ​සජීවීව, අඛණ්ඩව ක්‍රියාත්මක වන එන්නත් කිරීමේ වැඩසටහන පිළිබඳව මහ කොමසාරිස්වරයා විදේශ අමාත්‍යවරිය දැනුවත් කළේය. කොවිඩ්-19 සාර්ථකව තුරන් කිරීමත් සමඟ ගුවන් සම්බන්ධතාවය මඟින් දෙරට අතර වෙළඳාම, ආයෝජනය, සංචාරක ව්‍යාපාරය, පුද්ගලයින් අතර සම්බන්ධතා ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාමට හැකි වන බව ඔහු වැඩිදුරටත් පැවසීය. බහුපාර්ශ්වික සංසදයන්හි සහයෝගීතාවය සම්බන්ධයෙන්, මහකොමසාරිස් කනනාදන් මැතිතුමා වැඩිදුරටත් පැවසුවේ රටවල් දෙකේම අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා බහුපාර්ශ්වික සංසදයන්හි දී අඛණ්ඩව කටයුතු කළ යුතු බවයි. විදේශ අමාත්‍ය ඔමාමෝ මැතිණිය ඊට ප්‍රතිචාර දක්වමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි නියෝජිත ආයතන වන පොදුරාජ්‍ය මණ්ඩලය, නොබැඳි ව්‍යාපාරය, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය (අයෝරා) ඇතුළු ජාත්‍යන්තර හා කලාපීය සංසදවල දී කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ඵලදායී සහයෝගීතාව අඛණ්ඩව පවත්වා ගෙන යාමට කෙන්යාවේ සහයෝගය ලබා දෙන බව තහවුරු කළාය.

සබඳතා සහයෝගීතාවයේ විවිධ ක්ෂේත්‍රයන් වෙත පුළුල් කිරීම සඳහා ද්විපාර්ශ්වික යාන්ත්‍රණයන් සක්‍රිය කිරීමට විදේශ අමාත්‍යවරිය සහ මහකොමසාරිස්වරයා එකඟ වූහ. කෙන්යාව අපගේ හොඳ මිතුරෙකු වීම භාග්‍යයක් බවත්, ශ්‍රී ලංකාව සැම විටම ඔබේ සැබෑ මිතුරෙකු  ලෙස සිටින බවත් මහකොමසාරිස් කනනාදන් මැතිතුමා පැවසීය. ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පවතින විශිෂ්ඨ සබඳතා ශ්‍රී ලංකාව අගය කරයි.

මෙම හවුල්කාරිත්වය පවත්වා ගෙන යාම සහ ජාතීන් දෙක අතර ස්ථිරසාර පදනම අඛණ්ඩව පවත්වා ගෙන යාම පිළිබඳව අමාත්‍ය ඔමාමෝ මැතිණිය මහකොමසාරිස් කනනාදන් මැතිතුමාට ස්තූති කළාය.
ඒ සඳහා, විදේශ අමාත්‍ය ඔමාමෝ මැතිණිය විදේශ අමාත්‍යාංශයේ සහ අනෙකුත් සියලුම කෙන්යානු රජයේ සහ පෞද්ගලික ආයතනවල නොවෙනස් සහයෝගය පිළිබඳ මහකොමසාරිස්වරයාට සහතික වූවාය.

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය

නයිරෝබි

2021 සැප්තැම්බර් 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close