මොස්කව් හි  පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශන සඳහා භාවිතා කිරීමට සංස්කෘතික භාණ්ඩ ලැබේ

මොස්කව් හි  පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශන සඳහා භාවිතා කිරීමට සංස්කෘතික භාණ්ඩ ලැබේ

මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීම මත ජාතික ශිල්ප සභාවේ දායකත්වයෙන් සූදානම් කළ නර්තන ඇඳුම්, බතික් නිර්මාණ, සිතුවම්,අත්කම්, සංගීත භාණ්ඩ, ප්‍රදර්ශන භාණ්ඩ ඇතුළු සංස්කෘතික භාණ්ඩ ගණනාවක් ශ්‍රී ලංකාවේ රත්තන්, පිත්තල, පිඟන් මැටි, ගෘහ භාණ්ඩ සහ ග්‍රාමීය කාර්මික ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින්  තනාපති කාර්යාලයට යැවීම පිණිස කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා වෙත පිළිගැන්විණි. එම භාණ්ඩ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත තවදුරටත් භාර දෙනු ඇත.

තානාපති කාර්යාලය විසින් රුසියාවේ සහ එහි ප්‍රතීතනය ලත් අනෙකුත් රටවල් වල සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ සංස්කෘතික, සංචාරක හා තේ ප්‍රවර්‍ධන උත්සව සඳහා මෙම සංස්කෘතික අයිතමයන් භාවිතා කෙරේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කිරීම සඳහා සමහර අයිතමයන් තානාපති කාර්යාලය විසින් රුසියාව පුරා පිහිටි ශ්‍රී ලංකාවේ සංස්කෘතික අංග ප්‍රදර්ශනය කරන කෞතුකාගාර කිහිපයකට පරිත්‍යාග කිරීමටද නියමිතව ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
මොස්කව්

2021 සැප්තැම්බර් 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close