ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ පැවති "යුධහමුදාව-2021" ජාත්‍යන්තර හමුදා-තාක්ෂණික සංසදය සහ ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා-2021 සඳහා සහභාගී වෙයි

ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ පැවති “යුධහමුදාව-2021” ජාත්‍යන්තර හමුදා-තාක්ෂණික සංසදය සහ ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා-2021 සඳහා සහභාගී වෙයි

ආරක්ෂක ලේකම්ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජිත කණ්ඩායමක් අගෝස්තු 20 සිට අගෝස්තු 26 දක්වා කාලය තුළ දී රුසියාවේ මොස්කව් නුවරට ගොස්, "යුධහමුදාව-2021" ජාත්‍යන්තර හමුදා-තාක්ෂණික සංසදය සහ ජාත්‍යන්තර යුදහමුදා ක්‍රීඩා-2021 සඳහා සහභාගී විය. මෙවර කණ්ඩායම් තුනක් ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

රුසියාවේ සහ බෙලරුසියාවපකිස්ථානයකසකස්තානය සහ ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල ආරක්ෂක කර්මාන්තයේ සියලුම ප්‍රධාන සැලසුම්කරුවන් සහ නිෂ්පාදකයින් එක්රැස් කරන අති නවීන රුසියානු ආයුධ සහ තාක්‍ෂණ විදහා දැක්වීමේ විශාලතම වේදිකාව වන්නේ යුදහමුදාව-2021 සංසදයයි.

නියෝජිත පිරිස මෙම සංසදය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ අතර 2021 අගෝස්තු 23 දින රුසියානු සම්මේලනයේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මැතිතුමා විසින් විවෘත කරන ලද ක්‍රීඩා උළෙලට ද සහභාගී විය.

ආරක්ෂක ලේකම්වරයා ඔහුගේ කණ්ඩායම සමඟ රුසියානු හමුදා උපකරණ සහ ආයුධ අධ්‍යයනය කළ අතරඉදිරිපත් කිරීම් කිහිපයකට සහ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජිතයින්ලෝක ප්‍රකට කලාෂ්නිකොව් ඇතුළු රුසියානු නිෂ්පාදකයින් සමඟ රැස්වීම් කිහිපයකට සහභාගී වූහ.

සංසදය සහ ක්‍රීඩා උළෙල සඳහා පැමිණෙන අමුත්තන් අතර ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් හා සංස්කෘතිය ප්‍රවර්‍ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් සිය ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබූ මිත්‍රත්වයේ නිවසට ද ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැමිණි අතරයුදහමුදා ක්‍රීඩා-2021 හි නිර්‍මාණාත්මක තරඟයට සහභාගී වෙමින් සිටි ශ්‍රී ලාංකික සංස්කෘතික කණ්ඩායමේ සාමාජිකයින් ද හමු විය. සංසදයේ වැඩසටහනට යුධටැංකි බයත්ලන් තරඟය නැරඹීම ද ඇතුළත් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

 2021 අගෝස්තු 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close