ආරක්‍ෂක ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක මණ්ඩලයේ ලේකම් නිකොලායි පට්රුෂෙව් මහතා හමුවෙයි

ආරක්‍ෂක ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක මණ්ඩලයේ ලේකම් නිකොලායි පට්රුෂෙව් මහතා හමුවෙයි

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු මැතිතුමාගේ ආරාධනයකට අනුව, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිස රුසියාවේ නිරත වූ නිල සංචාරයේ දී, රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම් නිකොලායි ප්ලැටනොවිච් පට්රුෂෙව් මහතා හමුවිය.

මෙම හමුව සුහදශීලී වාතාවරණයක් තුළ පැවැත්විණි. හමුදා-තාක්‍ෂණික සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.

රුසියාවේ ආරක්ෂක මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ අදාළ ආයතන හරහා දෙරට අතර අන්තර් සබඳතා තීව්‍ර කිරීම පිළිබඳ තම අරමුණ දෙපාර්ශ්වය යළි තහවුරු කළහ.

වසර 60 කට අධික කාලයක් තිස්සේ දෙරටේ ජනතාව සහ රජයන් අතර පැවති මිත්‍රත්වය පිළිබඳව අවධාරණය කළ ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා, ජාත්‍යන්තර තලයේ සහ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සන්දර්භය තුළ ශ්‍රී ලංකාව සඳහා ලබා දෙන නොසැලෙන සහයෝගය වෙනුවෙන් රුසියාවට ස්තූතිය පළ කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 අගෝස්තු 31 වැනි දින

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close