ලක්ෂ්මන් කදිරගාමර් විශිෂ්ඨ හා ආදර්ශමත් නායකයෙක්

ලක්ෂ්මන් කදිරගාමර් විශිෂ්ඨ හා ආදර්ශමත් නායකයෙක්

දිවංගත ලක්ෂමන් කදිරගාමර් මහතා ශ්‍රී ලංකාවේ බිහි වූ ශ්‍රේෂ්ඨ අමාත්‍යවරයෙක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඔහු විශිෂ්ඨ ආදර්ශමත් නායකයකු වූ බවද අමාත්‍ය ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය. කදිරගාමර් මහතාගේ දහසය වන ගුණසමරුව නිමිත්තෙන් කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ ඉදිකර ඇති කදිරගාමර්  පිළිරුවට පුෂ්පෝපහාර දක්වා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන්, යදාමිණි ගුණවර්ධන, විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් සමඟ කදිරගාමර් මහත්මිය ද විදේශ අමාත්‍යාංශයේ නිළධාරින් පිරිසක්ද මෙම පුෂ්පෝහාරයට එක්ව සිටියහ.

“සරල නිහතමානී තැනැත්තෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා, ශාස්ත්‍රිය හා ජාත්‍යන්තර දැනුමෙන් සන්නද්ධ ජාත්‍යන්තර ප්‍රජාවගේ ගෞරවයට පාත්‍ර වූ අයෙකු” බවද අමාත්‍ය ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය. මෙහිදී අදහස් දැක් වු කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පෙන්වා දුන්නේ මව්බිම වෙනුවෙන් කදිරගාමර් මහතා ඉටු කර ඇති කාර්යය කිසිදා අමතක කළ නොහැකි බවය. මව්බිම වෙනුවෙන් ඔහුගේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යෑම අපේ යුතුකම බවද හෙතෙම සඳහන් කළේය.

විදේශ අමාත්‍යාංශය ‍

කොළඹ

2021 අගෝස්තු 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close