ලෙබනනයෙහි යුනිෆල් හි සේවය කරන ශ්‍රී ලංකා සාම සාධක හමුදාව වෘත්තීයභාවය වෙනුවෙන් ගෞරවයක් දිනා ගෙන ඇති බව යුනිෆිල් හි දූත මෙහෙවර ප්‍රධානි  බල සේනාංකාධිපති කියයි

ලෙබනනයෙහි යුනිෆල් හි සේවය කරන ශ්‍රී ලංකා සාම සාධක හමුදාව වෘත්තීයභාවය වෙනුවෙන් ගෞරවයක් දිනා ගෙන ඇති බව යුනිෆිල් හි දූත මෙහෙවර ප්‍රධානි  බල සේනාංකාධිපති කියයි

යුනිෆිල් හි දූත මෙහෙවර ප්‍රධානි  බල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ස්ටෙෆෙනෝ ඩෙල් කෝල් මහතා ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණිරත්න කරුණාරත්න මහත්මිය සමඟ පැවත්වූ සාකච්ඡාව අතරතුර, පසුගිය වසර 10 තුළ යුනිෆිල් ආයතනය වෙනුවෙන් ශ්‍රී ලංකා භට පිරිස් ලබා දුන් විශිෂ්ඨ දායකත්වය වෙනුවෙන් බල සේනා ආඥාපතිවරයා ස්තුතිය පුද කර සිටියේය.  මෙහිදී යුනිෆිල් හි ශ්‍රී ලංකා භට කණ්ඩායම් සිය කැපී පෙනෙන වෘත්තීයභාවය වෙනුවෙන් ගෞරවය දිනාගෙන ඇති බව ප්‍රකාශ කර තිබේ.

ඉකුත් 09 වන දින නකුරා හි නිල් රේඛාවේ සාම සාධක රාජකාරි පවත්වා ගෙන යන ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර් බලකායේ (යුනිෆිල්) මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය සහභාගි වූ අවස්ථාවේ මේජර් ජනරාල්  කෝල් මහතා මේ බව සඳහන් කර ඇත.

යුනිෆිල් දූත මෙහෙවරට මහත් ශක්තියක් වන ශ්‍රී ලංකා භට කණ්ඩායම්වල වෘත්තීයභාවය සහ රටට ගෙන දෙන ගෞරවය වෙනුවෙන් තානාපතිනිය මෙහිදී ප්‍රණාමය පුදකරන ලදි.

තානාපතිනියට යුධ හමුදා ගෞරව ආචාරයක් පිරිනමන ලද අතර ඇය විසින් භට කණ්ඩායම් පරීක්‍ෂා කිරීමේ ද නිරතවිය.

තානාපතිනිය සමඟ දෙවන ලේකම් (කම්කරු) ටී. ලක්‍ෂ්මිදරන් මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බේරූට්

2021 අගෝස්තු 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close