ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා-ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මිත්‍රත්ව කණ්ඩායමේ ලේකම් යුකෝ ඔබුචි මැතිනිය හමුවෙයි

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා-ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මිත්‍රත්ව කණ්ඩායමේ ලේකම් යුකෝ ඔබුචි මැතිනිය හමුවෙයි

ගරු තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා - ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මිත්‍රත්ව සංගමයේ ලේකම්, ගරු යුකෝ ඔබුචි මැතිනිය හමුවී දෙරට හා සම්බන්ධ පුළුල් පරාසයක කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වීය. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරියක වන යුකෝ ඔබුචි මැතිනිය අවස්ථා ගණනාවක දීම ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ජපානයේ දී මෙන්ම ශ්‍රී ලංකාවේ දීද හමු වී ඇත.

මෙම රැස්වීම මගින්, ශ්‍රී ලංකාව සහ ජපානය අතර ජනතාව අතර පවතින ශක්තිමත් සම්බන්ධතාවය සහ අඛණ්ඩ මිත්‍රත්වය ඉස්මතු විය. වත්මන් පරිපාලනය යටතේ ශ්‍රී ලංකාව ජපානය සමඟ පවත්වන විශේෂ මිත්‍රත්වය පිළිබඳව ද අවධාරණය කළ අමාත්‍යවරයා, දෙරටේ නගර අතර සහෝදර නගර සංකල්පය වැඩිදියුණු කිරීම සඳහා සිදුකළ හැකි මුලපිරීම් පිළිබඳව ද සාකච්ඡා කළේය.

දෙරට අතර එන්නත් විදේශ ගමන් බලපත්‍ර ක්‍රමවේදයක් අන්‍යෝන්‍ය ලෙස පිළිගැනීම තුළින්, දෙරට අතර සංචාරක කටයුතු හා ආයෝජන වැඩිදියුණු කිරීමේ හැකියාව පිළිබඳව මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩිදුර සාකච්ඡා කළහ. වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා සීමිත වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව අමාත්‍ය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළ අතර, විශේෂයෙන් තිරසාර අරමුණු සඳහා ආයෝජනය කිරීමට කැමති ව්‍යවසායන් සඳහා ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දෙපාර්ශ්වයම එකඟ විය.

මෙම සාකච්ඡාව “ව්‍යාපාර කිරීමේ පහසුව” කෙරෙහි ද යොමු වූ අතර, මේ සම්බන්ධයෙන්, වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ රජයේ සේවාවන්හි ක්‍රියාත්මක වෙමින් පවතින ඩිජිටල්කරණ ක්‍රියාවලිය සහ අනාගත ජපාන ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය වීම සඳහා හේතු වන, වරාය නගර ව්‍යාපෘතිය සඳහා සම්මත කරන ලද නීතිය පිළිබඳව ද අමාත්‍ය රාජපක්ෂ මැතිතුමා ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය දැනුවත් කළේය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර වසර 70 ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සමරමින්, දෙරට අතර පාර්ලිමේන්තු නියෝජිත පිරිස් හුවමාරු වැඩසටහනක් පැවැත්වීම සඳහා දෙපාර්ශ්වයම එකඟ විය.

එතුමිය ශ්‍රී ලංකාවේ දී නිරත වූ බොහෝ සංචාරයන් සහ ශ්‍රී ලාංකික ජනතාව සමඟ ලද අත්දැකීම්, ශ්‍රී ලංකාව සතු සුන්දරත්වය සහ විභවය පිළිබඳව ලේකම් ඔබුචි මැතිනිය සිහිපත් කළාය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෝකියෝ

2021 ජූලි 29 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close