කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා බහරේනය සමඟ ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කරයි

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා බහරේනය සමඟ ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කරයි

මැද පෙරදිග සමඟ ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා  වන කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශයේ වරමට අනුකූලව, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය ධඩ් අල් සයානි මැතිතුමා සමඟ දුරකථන සාකච්ඡාවක් පැවැත්වීය.

මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලංකාවේ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සඳහා මෙම සාකච්ඡාව මූලාරම්භ කරන ලදී. දෙරට අතර වෙළඳ හා ආයෝජන කටයුතු ඇතුළු ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීමේ ක්‍රම පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා ගවේෂණය කළහ. මෙම සාකච්ඡාව අතරතුර දී, දකුණු ආසියාවේ දොරටුව වන කොළඹ වරාය නගරයේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ඉස්මතු කළ රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා, මෙම විශේෂ ආර්ථික කලාපය තුළ බහුල ලෙස පවතින අවස්ථා අත්පත් කර ගන්නා ලෙස බහරේන් ආයෝජකයින්ට ආරාධනා කළේය.

කලාපීය සහ ජාත්‍යන්තර ආයෝජකයින්ගේ ප්‍රියතම ගමනාන්තයක් බවට බහරේනය පත් කරමින්, රටේ ආර්ථිකය නංවාලීම සඳහා බහරේන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති ක්‍රියා පටිපාටි පිළිබඳව අමාත්‍ය අල් සයානි මැතිතුමා විස්තර කළේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් විසින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන සංචාරක කටයුතු ක්ෂේත්‍රවල සහයෝගීතාව, නිර්මාණාත්මක ආර්ථිකය සහ බහුපාර්ශ්වීය ක්ෂේත්‍රය තුළ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන අංශ කිහිපයක් පිළිබඳව ද අමාත්‍යවරු සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාවේ බහරේන් රාජධානියේ තානාපති ප්‍රදීපා සේරම් මැතිනිය විසින් මෙම සාකච්ඡාව සඳහා පහසුකම් සපයන ලදී.

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය

කොළඹ

2021 ජූලි 19 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close