ඉතාලියේ මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ පළමු එක්දින කොන්සියුලර් ජංගම සේවාව

ඉතාලියේ මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ පළමු එක්දින කොන්සියුලර් ජංගම සේවාව

ඉතාලියේ මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, සිය පළමු එක්දින කොන්සියුලර් ජංගම සේවය 2021 ජුනි 26 වැනි දින උතුරු ඉතාලියේ ජෙනෝවාහි දී පැවැත්වීය.

මෙම වැඩසටහනේ පරමාර්ථය වූයේ, වසංගත තත්ත්වය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඉතාලියේ සිදුකළ අගුලු දැමීම හේතුවෙන් ප්‍රමාද වී ඇති ශ්‍රී ලංකා පුරවැසියන්ගේ කොන්සියුලර් ආශ්‍රිත අවශ්‍යතා සපුරාලීම සඳහා අතිරේක සහාය ලබා දීමයි.

අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ හා රෙගුලාසි පිළිපදිමින්, මෙම කොන්සියුලර් සේවයට සහභාගී වූ මහජනතාව භූමියේ හැසිරවීම සහ ඒ අනුව ඔවුන්ට සහාය වීම සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයෝ ද ස්වේච්ඡාවෙන් කොන්සල් ජනරාල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහාය වූහ.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මිලාන්

2021 ජූලි 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close