සිව්වැනි කාර්මික විප්ලව යුගයේ  (4IR) තානාපති සබඳතා සඳහා කේන්ද්‍රීය වනුයේ  විද්‍යා සහ වෙළඳ සබඳතාවන්ය

සිව්වැනි කාර්මික විප්ලව යුගයේ  (4IR) තානාපති සබඳතා සඳහා කේන්ද්‍රීය වනුයේ  විද්‍යා සහ වෙළඳ සබඳතාවන්ය

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එස්. අමරසේකර මහතා මෑතකදී සිය නිල නිවසේදී දකුණු අප්‍රිකාවේ වෙළඳ හා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සහ විද්‍යා සහ නවෝත්පාදන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදි. එහි මුලික අරමුණ වූයේ නිලධාරීන්ට මහ කොමසාරිස්තුමන් හඳුන්වා දීම සහ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර විද්‍යා සහ වෙළඳ ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශවික සබඳතා අළුත් කර ගැනීමයි.

දිවා භෝජන සංග්‍රහයේදී මහ කොමසාරිස් අමරසේකර මහතා නිලධාරීන්ට අවධාරණය කර සිටියේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දැනට පවතින සබඳතා, විශේෂයෙන්ම විද්‍යා සහ වෙළඳ ක්ෂේත්‍රයන්හි පවතින සබඳතා  අනාගතයේදී වඩා පුළුල් කිරීමේ මාර්ගය වන්නේ දෙරටෙහි අදාළ ආයතන අතර නිරන්තර අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම් බවයි. රටවල් අතර විද්‍යා සහ වෙළඳ සබඳතා නොමැතිව, සිව්වැනි කාර්මික විප්ලව යුගය තුළ තානාපති සබඳතා සඳහා ශක්තිමත් පදනමක් ඇති නොවන බව ඔහු තවදුරටත් පැවැසීය.

දකුණු අප්‍රිකානු විද්‍යා සහ නවෝත්පාදන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජාත්‍යන්තර සබඳතා) ඩාන් ඩු ටොයිට් මහතා සහ වෙළඳ හා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ම්ඩු බුලුන්ගා මහතා සමග එම දෙපාර්තමේන්තු දෙකෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මෙම දිවා භෝජන සංග්‍රහයට සහභාගි වූ ආරාධිතයන් අතර විය.

මෙම දුෂ්කර කාල සීමාවේ ප්‍රණීත ශ්‍රී ලාංකික ආහාර පාන සහිත දිවා භෝජන සංග්‍රයක් සඳහා නිල නිවසට ආරාධනා කිරීම සම්බන්ධයෙන් එහි පැමිණි දකුණු අප්‍රිකානු නිලධාරීන් මහ කොමසාරිස් අමරසේන මහතාට සහ හේමා අමරසේකර මැතිණියට සිය සිය ස්තූතිය පළ කරන ලදි. තවද, දැනට සලකා බලමින් පවතින කරුණු සමාලෝචනය කොට ඒවා සම්බන්ධයෙන් හැකි ඉක්මනින්  කටයුතු කිරීමට නිලධාරීන් එකඟ වුණි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ප්‍රිටෝරියා

2021 ජූනි මස 21 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close