විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ එක්සත් රාජධානියේ  දකුණු ආසියාව පිළිබඳ අමාත්‍ය අහමඩ් සාමිවරයා ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා වන පියවර පිළිබඳව සාකච්ඡා කරයි

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ එක්සත් රාජධානියේ  දකුණු ආසියාව පිළිබඳ අමාත්‍ය අහමඩ් සාමිවරයා ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා වන පියවර පිළිබඳව සාකච්ඡා කරයි

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහ්මඩ් සාමිවරයා,  2021 ජුනි 17 වැනි බ්‍රහස්පතින්දා දින සිදුකළ වීඩියෝ ඇමතුමක දී ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගත හැකි මාර්ග ගවේෂණය කිරීම සඳහා එකඟ වී තිබේ. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවයේ පුළුල් පරාසයක පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ බහුවිධ ස්වභාවය ඔවුහු පිළිගත්හ.

වෙළඳ හා ආයෝජන, දේශගුණික විපර්යාස සහ තිරසාර සංවර්ධනය, විද්‍යාත්මක හා තාක්‍ෂණික සහයෝගීතාව සහ කොවිඩ්-19 අවම කිරීම යන අංශවල ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවත්නා සහයෝගීතාව පිළිබඳව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා සහ අහ්මඩ් සාමිවරයා සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව හා ආර්ථික සංවර්ධනය පිළිබඳ ප්‍රගතිය, 2021 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 26) සහ පොදුරාජ්‍ය මණ්ඩලය තුළ සහයෝගිතාව යන කරුණු මෙම ඇමතුම අතරතුර දී සාකච්ඡා සඳහා ගෙන ඇති අනෙකුත් කරුණු අතර වේ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජූනි 18 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close