විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සංවිධානය කරන ලදුව, ජාත්‍යන්තර ගෘහ සේවිකාවන්ගේ දිනයට සහ ජාත්‍යන්තර පවුලේ ප්‍රේෂණ දිනයට සමගාමීව, මියගිය ශ්‍රී ලාංකික සේවකයින් වෙනුවෙන් වන්දි ප්රදානය කීරිමේ නිල ලිපි බාර දීම විදේශ අමාත්‍යංශයේදී 2021 ජුනි 16 දින පැවැත්විණි.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ,
විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා, කොන්සියුලර් කටයුතු අංශයේ අධ්යක්ෂ ජනරාල් විශ්වනාත් අපොන්සු මහතා, සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රධානී සරට් ඩෑෂ් මහතා සහ, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රි ලංකා අධ්යක්ෂ සිම්රින් සිං මහත්මිය විසින් මියගිය සංක්‍රමණික සේවකයන්ගේ පවුලේ සාමාජිකයින්ට විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා ලැබී ඇති ශ්‍රී ලංකා රුපියල් මිලියන 30 ක වන්දි ලිපි භාර දෙන ලදී.
මෙම උත්සවයේ දී විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සහතික කිරීම සඳහා අමාත්‍යාංශය විසින් සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳව ගරු විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. තවද, මියගිය අයගේ පවුල් අමතමින් ගරු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පුද්ගලයන්ගේ ජීවිත අහිමිවීම පියවා ගත නොහැකි වුවද, මියගිය ශ්‍රමිකන් වෙනුවෙන් වන්දි ගෙවීම මඟින් බලපෑමට ලක්වූ පවුලේ සාමාජිකයින්ට යම් සහනයක් ලබා දෙන බවයි.
මැද පෙරදිග රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සහාය ඇතිව, එම වන්දි, වැටුප් හිඟ මුදල් සහ වෙනත් සහන ලබා ගැනීමට අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයට හැකි විය. මෙම ගෙවීම් ලැබීම, අදාළ ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් එම රටේ අදාළ බලධාරීන් සමඟ සම්බන්ධතා පැවැත්වීම හා අඛණ්ඩව පසු විපරම් කිරීමේ ක්‍රියාමාර්ගවල ප්රතිඵලයකි.
විදේශ අමාත්‍යාංශය
කොළඹ
2021 ජුනි 16 වැනි දින