ජර්මනියේ සාර්ලන්ඩ් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මහා ශිවරාත්‍රි උත්සවය සමරයි

ජර්මනියේ සාර්ලන්ඩ් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මහා ශිවරාත්‍රි උත්සවය සමරයි

 ෆ්‍රෑන්ක්ෆර්ට් ඇම් මේන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සල් ජනරාල්වරිය සහ කාර්ය මණ්ඩලය එක්ව 2021 මාර්තු 20 වැනි දින සාර්ලන්ඩ් ෆෙඩරල් ප්‍රාන්තයේ සල්ස්බාක් හි ශ්‍රී මහාමාරි අම්මාන් කෝවිලේ දී ‘මහා ශිවරාත්‍රි’ උත්සවය සැමරීය.

මහා ශිවරාත්‍රි උත්සවය වෙනුවෙන් පැවැති විශේෂ පූජාව සහිත සැමරුමට එක්වන ලෙස ෂන්මුගෂර්මා කුරුක්කල්තුමාට සහ කෝවිලේ හින්දු නියෝජිතවරුන්ට කොන්සල් කාර්යාලයට ආරාධනා කළහ. මෙම සැමරුම බැතිමතුන් කිහිප දෙනෙකු සඳහා පමණක් සීමා විය.

ශිව දෙවියන්ගේ රංගනයේ රාත්‍රිය ලෙස හැඳින්වෙන මහා ශිවරාත්‍රි උත්සවය වෙනුවෙන් සාමාන්‍යයෙන් බොහෝ සංස්කෘතික කටයුතු හා ක්‍රියාකාරකම්  සිදු කරනු ලැබේ. වර්තමාන වසංගත තත්වය හේතුවෙන් මෙම වසරේ දී මෙම සංස්කෘතික කටයුතු සීමා කිරීමටත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව උත්සවය සැමරීමටත් හින්දු බැතිමතුන්ට සිදුවිය.

කොන්සල් ජනරාල් මදුරිකා ජෝශප් වෙනින්ගර් මහත්මිය සිය කෙටි දේශනයේ දී, සියලු ප්‍රජාවන්ට සමගිය හා සහයෝගීතාවයෙන් යුතුව වෙනස් සංස්කෘතීන් සමරමින්, මිත්‍රත්වය හා එකමුතුකම නැවත ඇති කර ගැනීම සඳහා මෙය අවස්ථාවක් වීම පිළිබඳව අගය කළාය.

අතිගරු ජනාධිපතිතුමාගේ පණිවුඩය සමඟ ඇය සිය දේශනය අවසන් කළාය. “ශ්‍රී ලාංකික හින්දු භක්තිකයන් සහ ලොව පුරා වෙසෙන ඔවුන්ගේ සහෝදර ජනතාව පුරාණ කාලයේ සිටම මෙම මහා ශිවරාත්‍රි දිනයේ දී මෝහයේ අන්ධකාරය දුරු කොට ප්‍රඥාව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් යුක්තව ශිව දෙවියන්ට මහත් වූ භක්තියෙන් වන්දනා කරති.” “සමාජයේ සාමය, සංහිඳියාව සහ සතුට ස්ථාපිත කිරීමේ අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශිව දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා!” යි ඇය තවදුරටත් අදහස් ප්‍රකාශ කළාය.

මෙම සැමරුම සඳහා කොන්සල් ජනරාල් කාර්යාලයේ සහභාගීත්වය, සාර්ලන්ඩ් ෆෙඩරල් ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිණිස ඉවහල් විය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය
ෆ්‍රෑන්ක්ෆර්ට්

2021 අප්‍රේල් 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close