ශ්‍රී ලංකාවේ ප්‍රංශ ජනරජය සඳහා නම් කළ තානාපති සහ යුනෙස්කෝව සඳහා නම් කළ නිත්‍ය නියෝජිතවරිය සිය රාජකාරි භාර ගනී.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ ජනරජය සඳහා නම් කළ තානාපති සහ යුනෙස්කෝව සඳහා නම් කළ නිත්‍ය නියෝජිතවරිය සිය රාජකාරි භාර ගනී.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ ජනරජය සඳහා නම් කළ තානාපති සහ යුනෙස්කෝව සඳහා නම් කළ නිත්‍ය නියෝජිතවරිය වන මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය 2021 ජනවාරි 08 වැනි දින පැරීසියේ දී සිය රාජකාරි භාර ගත්තාය.

ශ්‍රී ලංකාවේ ජාතික ධජය තානාපති කාර්යාල පරිශ්‍රයේ දී නම් කළ තානාපති මහාචාර්ය හිරිඹුරේගම මැතිනිය විසින් ඔසවන ලද අතර, සහභාගී වූ සියලු දෙනා විසින් ජාතික ගීය ගායනා කරන ලදී.

ඉන්පසුව, රණවිරුවන් සහ මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ අය සැමරීම සඳහා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලද අතර, සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව නම් කළ තානාපතිවරිය සහ කාර්යය මණ්ඩලය විසින් රාජ්‍ය සේවකයන් සඳහා වන දිවුරුම කියවනු ලැබීය.

කාර්යය මණ්ඩලයේ සම්බන්ධීකරණය සහ සහයෝගය වෙනුවෙන් ස්තූති කරන අතරම, අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රංශ ජනරජය සමඟ පවත්නා ආර්ථික හා සමාජ සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම නම් කළ තානාපති මහාචාර්ය හිරිඹුරේගම මැතිනිය විසින් අවධාරණය කරන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

පැරිස්

2021 ජනවාරි 15වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close