මැලේසියාවේ අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් 272 දිවයිනට පැමිණෙයි

මැලේසියාවේ අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් 272 දිවයිනට පැමිණෙයි

විදේශ අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමඟ සහයෝගයෙන් යුතුව, මැලේසියාවේ අතරමං වි සිටි ශ්‍රී ලාංකිකයන් 272 දෙනෙකු පෙරේදා (9) ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන තිබේ. මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම පිරිස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ UL 315 ගුවන් යානය මඟින් මෙරටට පිටත් කර එවා ඇත. මෙම කණ්ඩායමට, අතරමංව සිටි ශ්‍රමිකයන් 149 දෙනෙකු, ශිෂ්‍ය ශිෂාවන් 64 දෙනෙකු සහ කෙටි සංචාරවල නියැළුණු 59 දෙනෙකු අයත් වූහ.

මෙම ප්‍රයත්නය වෙනුවෙන්, මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට, රාජකීය මැලේසියානු පොලීසියට සහ මැලේසියාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට සිය ප්‍රශංසාව පළ කරයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

මැලේසියාව

 

2020 දෙසැම්බර් 11 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close