ඕමානය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව වර්ධනයට පියවර

ඕමානය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව වර්ධනයට පියවර

 

ඕමානය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව ඕමානයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති ෂෙයික් අබ්දුල් මලික් බින් අබ්දුල්ලා බින් අල් අලි කලීලි මහතා හා ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා අතර පැවැති සාකච්ඡාවකදී විශේෂ අවධානය යොමු කර ඇත.  2016 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ 2017 දී ඕමානයේ ෂුරා කවුන්සිලය විසින් පිහිටුවන ලද ශ්‍රී ලංකා-ඕමාන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා රජය සහ ඕමානයේ ෂුරා කවුන්සිලය අතර සහයෝගීතාවය සඳහා වූ ක්ෂේත්‍ර පිළිබඳව ද ඔවුහු මෙම සාකච්ඡාවේ දී ගවේෂණය කර ඇත. 2017 දී ඕමාන් රාජ්‍ය කවුන්සිලයේ සිට ශ්‍රී ලංකාවට දස දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සහ 2018 දී ඕමානයට බහු පක්ෂ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් විසින් නිරත වූ ඉහළ මට්ටමේ සංචාර හුවමාරු කර ගැනීම පිළිබඳව තානාපතිවරයා සිහිපත් කළේය.

ශ්‍රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා දක්වන ලද නොසැලෙන සහයෝගය සහ මඟ පෙන්වීම වෙනුවෙන්, ෂෙයික් අබ්දුල් මලික් අලි අල් කලීලි මැතිතුමාගේ පූර්වගාමියා වූ ආචාර්ය යාහියා බින් මහෆවුද් අල් මන්ත්‍රි මැතිතුමා වෙත ද තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා සිය කෘතඥතාව පළ කළේය.

ඕමාන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වත්මන් සභාපති ධූරය භාර ගැනීමට පෙර, ෂෙයික් අබ්දුල් මලික් බින් අබ්දුල්ලා බින් අලි අල් කලීලි මැතිතුමා ඕමානයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ. ඉකුත් 24 අමීර් අජ්වාඩ් මහතා  ෂෙයික් අබ්දුල්මලික් බින් අබ්දුල්ලා බින් අලි අල් කලීලි මැතිතුමා බැහැදැක, එතුමා ඕමාන් සුල්තාන් රාජ්‍යයේ කවුන්සිලයේ සභාපති ලෙස පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් එවන ලද සුබපැතුම් පණිවුඩය පිරිනැමීය. තානාපති අමීර් අජ්වාඩ් මහතා 2020 නොවැම්බර් 18 වැනි දින සමරනු ලැබූ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ 50 වැනි ජාතික දිනය පිළිබඳව ද රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපතිවරයාට සිය සුබ පැතුම් එක් කළේය.

තානාපති කාර්යාලයේ පළමු ලේකම් ඩබ්.ඩී.එන්.එම්. අබේසේකර මහත්මිය ද මෙම හමුව සඳහා තානාපතිවරයා සමඟ එක්විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2020 දෙසැම්බර් 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close