වැඩිහිටියන්ගේ සංවිධානයේ සභාපතිනි සහ හිටපු අයර්ලන්ත ජනාධිපතිනි මේරි රොබින්සන්ගේ ප්‍රකාශයක් පාදක කර ගනිමින් අයර්ලන්ත පුවත්පත්වල පල වූ වාර්තාවල  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සදහන් වු කරුණු විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

වැඩිහිටියන්ගේ සංවිධානයේ සභාපතිනි සහ හිටපු අයර්ලන්ත ජනාධිපතිනි මේරි රොබින්සන්ගේ ප්‍රකාශයක් පාදක කර ගනිමින් අයර්ලන්ත පුවත්පත්වල පල වූ වාර්තාවල  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සදහන් වු කරුණු විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

‘එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී බලය සංක්‍රමණයට ගරු කිරීමට අපොහොසත් වීම පිළිබඳව වැඩිහිටියෝ දැඩි කනස්සල්ල පළ කරති’ යන මැයෙන් අයර්ලන්තයේ පුවත්පත් කිහිපයක පළ වූ වාර්තාවල  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සදහන් වූ කරුණු  කෙරෙහි මෙම අමාත්‍යාංශයේ අවධානය යොමු විය. මෙම වාර්තාවලට පාදක වී ඇත්තේ අයර්ලන්ත වැඩිහිටි සංවිධානයේ සභාපති හා අයර්ලන්ත හිටපු ජනාධිපති මේරි රොබින්සන් මහත්මිය මෑතකදී කරන ලද ප්‍රකාශයක් බවද නීරික්ෂණය වී ඇත.

මේ සම්බන්ධයෙන්, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය රොබින්සන් මහත්මියට සහ අදාළ පුවත්පත්වල කතුවරුන්ට ලිපියක් යොමු කරමින්, රොබින්සන් මහත්මියගේ අදහස්වල සාවද්‍යතාවය පිළිබඳව අවධානය යොමු කර ඇත.

ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිතම හා අඛණ්ඩව පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන අතර 1931 සිට එහි ජනතාව සර්වජන ඡන්දබලය භාවිතකරමින් සිටින බවත්, කාලානුරූපව පැවැත්වෙන මැතිවරණවල දී ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික රජයන් සැමවිටම ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගෙන ඇති බවත්, ඉන් අනතුරුව කෙරෙන බලය පැවරීම සෑම විටම ඉක්මනින්, සුමටව හා සාමකාමී ලෙස සිදු වී ඇති බවත් මහ කොමසාරිස් සිරිසේන මහත්මිය පෙන්වා දී ඇත.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2020 නොවැම්බර් 19 වැනි දින

Letter of the Sri Lankan High Commissioner in UK

 

The link of its publication: https://www.irishtimes.com/opinion/letters/sri-lanka-has-proud-history-of-democracy-1.4411839?mode=amp

Print Friendly, PDF & Email
Please follow and like us:

Close