‘ඉටුකම’ කොවිඩ්-19 අරමුදල ස‍ඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය තවදුරටත් දායක වෙයි

‘ඉටුකම’ කොවිඩ්-19 අරමුදල ස‍ඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය තවදුරටත් දායක වෙයි

කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට සහය දැක්වීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශයේ රියදුරු මහතුන් විසින් රැස් කරන ලද රු.111,800 ක මුදලක් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා වෙත සඳුදා (ජූලි 27) භාර දෙන ලදී.

රියදුරු මහත්වරු විදේශ අමාත්‍යාංශයේ දී, විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඉදිරිපිට මෙම චෙක්පත අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා වෙත භාර දුන්හ.

 

විදේශ සබඳතා අමාත්‍යාංශය

කොළඹ

2020 ජූලි 27 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close