සිය ධූර කාලය අවසන් කොට නික්ම යන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා හා විදේශ අමාත්‍යවරයා  අතර හමුවක්

සිය ධූර කාලය අවසන් කොට නික්ම යන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා හා විදේශ අමාත්‍යවරයා  අතර හමුවක්

අද දින (අගෝස්තු 04) සිය ධූර කාලය අවසන් කොට නික්ම යන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි අල් මුවල්ලා මැතිතුමා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමු විය.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර දිගුකාලීන මිත්‍ර සබඳතා ශක්තිමත් කිරීම සඳහා තානාපති අල් මුවල්ලා මැතිතුමා සිදුකළ සේවය අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා මහත් සේ අගය කළේය.

ශ්‍රී ලංකාව සමඟ ආයෝජන, ආර්ථික සහ වෙළඳ ක්ෂේත්‍රවල පවත්නා සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැඩි කැපවීම පිළිබඳව නික්ම යන තානාපතිවරයා සඳහන් කළේය.

විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් (මැද පෙරදිග) චාමින්දා කොලොන්නෙ මහත්මිය ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

 

විදේශ සබ‍ඳතා අමාත්‍යාංශය

කොළඹ

2020 අගෝස්තු 04 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close