ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික සාමාජික පනත් කෙටුම්පත 104 පිළිබඳ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශය

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික සාමාජික පනත් කෙටුම්පත 104 පිළිබඳ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශය

ප්‍රකාශය

2019 වසරේ දී ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කරන ලද පෞද්ගලික සාමාජික පනත් කෙටුම්පත 104 පිළිබඳ මාධ්‍ය වාර්තා වෙත ඔටාවාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අවධානය යොමු වී තිබේ.

මෙම මහ කොමසාරිස් කාර්යාලය සහ ටොරොන්ටෝහි කොන්සල් ජනරාල් කාර්යාලය  මේ සම්බන්ධයෙන් ෆෙඩරල් සහ පළාත් බලධාරීන් සමඟ අඛණ්ඩව කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ පැවැති ගැටුම අවසානයේ දී තුවාල ලැබූ සංඛ්‍යාව අධික ලෙස වැඩිකර දැක්වීම සහ මිනිස් සංහාරය පිළිබඳ චෝදනා ඇතුළුව මෙම පනත් කෙටුම්පතේ පැහැදිලි ලෙස දක්වා ඇති අසත්‍ය ප්‍රකාශයන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ දැඩි විරෝධය පළ කර තිබේ. සමබර වූ මත හා ආකල්ප සලකාබලන ලෙසත් කැනඩාවේ සිටින ශ්‍රී ලංකා විරෝධී යම් යම් ක්‍රියාකාරීන් විසින් ප්‍රචාරය කරන ලද අගතිගාමී මත හා ආකල්ප වලට හසුනොවී කටයුතු කරන ලෙසත් මෙම බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබේ.

දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත මෙම පෞද්ගලික සාමාජික පනත් කෙටුම්පතේ සාවද්‍ය විස්තර සැපයීමට එරෙහිව කැනඩාවේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම් සහ පුද්ගලයින් ද කැනේඩියානු බලධාරීන් සමඟ යම් යම් කටයුතුවල නිරතවී ඇති බව නිරීක්ෂණය වී තිබේ.

මෙම ක්‍රියාවලිය අතරතුර දී, කැනඩාවේ දූත මණ්ඩල අදාළ සංවිධාන සමඟ දිගින් දිගටම කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
ඔටාවා
2020 ජුනි 10
Statement Issued by the Sri Lanka High Commission, Ottawa-2-t
Print Friendly, PDF & Email
Please follow and like us:

Close