මාධ්‍ය ප්‍රකාශය: අසර්බයිජානයේ දී ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙකු මිය යාම

මාධ්‍ය ප්‍රකාශය: අසර්බයිජානයේ දී ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙකු මිය යාම

2020 ජනවාරි 9 වන දින ඇති වූ ගින්නක් හේතුවෙන් ඇති වූ දුම ආශ්වාසයෙන් හුස්ම හිරවීම නිසා අසර්බයිජානයේ බටහිර කැස්පියන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සිසුන් තිදෙනෙකු සිය නේවාසික මහල් නිවාසයේ දී මියගොස් තිබේ. අසර්බයිජානයේ බලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නවදිල්ලියේ අසර්බයිජාන තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් කොළඹ විදේශ සබදතා අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණ  කටයුතු සිදු කරයි.

මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වන විට අසර්බයිජානයේ අදාළ බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටින අතර ඔවුන්ගේ පවුල් සමඟ  ද සම්බන්ධ වී සිටියි. අසර්බයිජානයේ  අදාල විශ්ව විද්‍යාලය ද මේ සම්බන්ධයෙන් අසර්බයිජානයේ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටීයි.

විදේශ  සබඳතා අමාත්‍යාංශය
කොළඹ
11 ජනවාරි 2020
Print Friendly, PDF & Email
Please follow and like us:

Close