කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් 33 දෙනෙකු  මෙරටට ආපසු එවීම සඳහා පහසුකම් සලසයි

කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් 33 දෙනෙකු  මෙරටට ආපසු එවීම සඳහා පහසුකම් සලසයි

PHOTO-2019-12-24-14-28-42_1

කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කුවේට් බලධාරීන් සමඟ කටයුතු සම්බන්ධීකරණය කිරීමෙන්, සංක්‍රමණික සේවකයන් 33 දෙනෙකු, 2019 දෙසැම්බර් 23 දින කුවේට් හි සිට ආපසු ශ්‍රී ලංකාවට එවීමට අවශ්‍ය පහසුකම් සැලසීය. මෙම සේවකයන් ආපසු ශ්‍රී ලංකාවට එවීම සඳහා  අවශ්‍ය ගමන් ලියකියවිලි  සම්පාදනය කිරීම හා  අදාළ කුවේට් බලධාරීන්ගෙන් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම තානාපති කාර්යාලය මඟින් සිදු කරන ලදී.‍

ශ්‍රී ලංකාවට ආපසු එවීමට අවශ්‍ය විධිමත් ක්‍රියාපටිපාටි  අවසන් වන තෙක් තම සේවා ස්ථානවලදී  දුෂ්කරතාවයන් විඳි  මෙම  සංක්‍රමණික සේවකයින්ගෙන් වැඩි පිරිසක් සඳහා තානාපති කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන ආරක්ෂක නිවස්නයෙහි නවාතැන් පහසුකම් සලසන ලද අතර මෙම  සේවකයන්ගෙ ඉතිරි පිරිස තම කැමැත්ත මත වෙනත් ස්ථානවල නවාතැන් ගෙන සිටියහ.

පවතින සංඛ්‍යා ලේඛනවලට අනුව, ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් 100,000 ක් පමණ කුවේට් හි සේවය කරන අතර ඔවුන් ගෙන් බහුතරයක් ගෘහ සේවිකාවන් වේ.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
කුවේට්
2019 දෙසැම්බර් 24 වැනි දින

 

PHOTO-2019-12-24-14-28-42

Print Friendly, PDF & Email
Please follow and like us:

Close