විදේශ කටයුතු අමාත්‍යාංශය මඩකලපුව දිස්ත්‍රික්කයෙහි ජංගම කොන්සියුලර් සේවාවක් පවත්වයි

විදේශ කටයුතු අමාත්‍යාංශය මඩකලපුව දිස්ත්‍රික්කයෙහි ජංගම කොන්සියුලර් සේවාවක් පවත්වයි

IMG-20190411-WA0023

 

‘රට වෙනුවෙන් එකට සිටිමු ’ තේමාව යටතේ එන වැඩසටහනෙහි අංගයක් ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේදී ජංගම කොන්සියුලර් සේවාවක් 2019 අප්‍රේල් මස  10 සිට 11 වැනි දින දක්වා පවත්වනු ලැබිණි.

මෙම ජංගම කොන්සියුලර් සේවාවන් කාත්තන්කුඩි හා චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි, පිළිවෙලින් 2019  අප්‍රේල් මස 10 වැනි බදාදා සහ 11 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වුණි.

විදේශයන්හි සිදුවූ උපත් සහ මරණ ලියාපදිංචිය, විදේශ සේවා, විදේශයන්හි සිදු වන සංක්‍රමණික සේවකයන්ගේ හෝ අනෙක් පුද්ගලයන්ගේ මරණ, සංක්‍රමණික සේවකයන් මෙරටට ගෙන්වාගැනීම් හා වන්දි පිළිබඳ ගැටලු, ආදිය සම්බන්ධයෙන් සහය ලබාදීම සහ ලියකියවිලි සත්‍යාපනය කිරීම යන සේවා මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දුන් සේවාවන් අතරට ඇතුළත් වුණි.

මෙම ජංගම සේවය මඟින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ආර්ථික රාජ්‍යතාන්ත්‍රික හා මහජන රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන් යටතේ කෙරෙන වැඩ කටයුතු සම්බන්ධයෙන්ද ජනතාව දැනුම්වත් කෙරුණු අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩසටහන් පිළිබඳ දැනුම වැඩි කරගැනීමට  මහජනතාවට මේ මඟින් හැකියාව ලැබුණි.

රාජ්‍ය සේවකයන් සහ පොදු ජනතාව උදෙසා කොන්සියුලර් කටයුතු අංශය, මාතර හා යාපනය ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාල මෙන්ම විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල මඟින් සපයන සේවා සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද්විත්වයක්, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් සමඟ කාත්තන්කුඩි සහ චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධීකරණයෙන්  පැවත්විණි.

2019 අප්‍රේල් 12 වැනිදා

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

edited IMG-20190411-WA0022IMG_20190412_121717

Print Friendly, PDF & Email
Please follow and like us:

Close