කොලොම්බියාවේ ඊඑල්එන් (ELN) සංවිධානය විසින් එල්ල කරනු ලැබූ ත්‍රස්තවාදී ප්‍රහාරය

කොලොම්බියාවේ ඊඑල්එන් (ELN) සංවිධානය විසින් එල්ල කරනු ලැබූ ත්‍රස්තවාදී ප්‍රහාරය

2019 ජනවාරි මස 17 වැනි දින කොලොම්බියාවේ බොගොටා නුවර පොලිස් විද්‍යා පීඨයට ඊඑල්එන් (ELN) සංවිධානය විසින් එල්ල කරනු ලැබූ ත්‍රස්තවාදී ප්‍රහාරය ශ්‍රී ලංකා රජය තරයේ හෙළා දකියි.

ශ්‍රී ලංකා රජය සහ ජනතාව එම ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වලට සිය බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර ඉන් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ලැබෙන මෙන් ප්‍රාර්ථනා කරයි.

ශ්‍රී ලංකා රජය කොලොම්බියානු රජයට සිය සහයෝගීතාව පළ කරන අතරම, ත්‍රස්තවාදී උවදුරෙහි සියලු ස්වරූපවලට එරෙහිව ප්‍රබල ලෙස සටන් කිරීමට අත්වැල් බැඳගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් උදක්ම ඉල්ලා සිටියි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 ජනවාරි 31 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close