ඉන්දියානු ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක ගැටීම

ඉන්දියානු ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක ගැටීම

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘එඩිතර II’ නෞකාවෙහි ගැටුණු ඉන්දියානු ධීවර යාත්‍රාවක් 2018 නොවැම්බර් 28 වැනි දින ප.ව. 6.15 ට ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් මුහුදේ ගිලී ගොස් තිබේ. මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇත්තේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දියානු ධීවර යාත්‍රා 30 ක් පමණ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම මුහුදු සීමාවෙන් පිටතට කැඳවාගෙන යමින් සිටින අතරතුරය.  ධීවර යාත්‍රාවල කලබලකාරී හැසිරවීමත්, එම අවස්ථාවේ පැවැති අඩු දෘශ්‍යතාවත් හේතුවෙන් මෙම ගැටීම සිදු වී තිබේ.

ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සිවු දෙනා සහ යාත්‍රාවේ තිබූ භාණ්ඩවලින් සමහරක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන තිබේ.  ගලවා ගනු ලැබූ ධීවරයන් සහ භාණ්ඩ වැඩිදුර නෛතික කටයුතු සඳහා කන්කසන්තුරෙයි පොලිස් ස්ථානයට භාරදීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

 

2018 නොවැම්බර් 29 වැනිදා
Print Friendly, PDF & Email
Please follow and like us:

Close