ශ්‍රී ලංකාව හා ඩොමිනිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කෙරෙයි

ශ්‍රී ලංකාව හා ඩොමිනිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කෙරෙයි

IMG-20180417-WA0005

ශ්‍රී ලංකා රජය හා ඩොමිනිකා රජය 2018 අප්‍රේල් මස 17 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරීමට තීරණය කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති ආචාර්ය අම්රිත් රොහාන් පෙරේරා මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඩොමිනිකා නිත්‍ය නියෝජිත, තානාපති ලොරීන් රූත් බැනිස්-රොබර්ට්ස් මහත්මිය විසින් ඊට අදාළ ගිවිසුමට 2018 අප්‍රේල් මස 17 වැනි දින නිව්යෝර්ක් නුවරදී අත්සන් තබන ලදී.

ශ්‍රී ලංකාව හා ඩොමිනිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරීම, දෙරටේ අන්‍යොන්‍ය සුබ සිද්ධිය පිණිස, දෙරට  අතර දැනට පවතින මිත්‍ර සබඳතා වැඩි දියුණු කිරීමටත්, දේශපාලන, සමාජ, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රවල සහයෝගිතාව වැඩිදියුණු කිරීමටත් ඉවහල් වනු ඇත.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ
2018 අප්‍රේල් 17 වැනිදා

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close