විදේශ කටයුතු සහ සංවර්ධන පැවරුම් අමාත්‍ය තිලක් මාරපන ඉන්දියාවේ නිල සංචාරයක නිරතවෙයි

විදේශ කටයුතු සහ සංවර්ධන පැවරුම් අමාත්‍ය තිලක් මාරපන ඉන්දියාවේ නිල සංචාරයක නිරතවෙයි

විදේශ කටයුතු සහ සංවර්ධන පැවරුම් අමාත්‍ය තිලක් මාරපන 2017 සැප්තැම්බර් මස 08 වෙනිදා සිට 10 වෙනිදා දක්වා නවදිල්ලි හි සංචාරයක නිරතවීමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඔහු නිරත වන පළමු විදෙස් සංචාරය මෙයයි.

සැප්තැම්බර් 09 වෙනිදා අමාත්‍ය මාරපන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් හමුවී ඉන්දීය - ශ්‍රී ලංකා සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, ද්වීපාර්ශ්වික කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිතයි. එදිනම අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද හමුවීමට සැලසුම් කර තිබේ. සැප්තැම්බර් 10 වෙනිදා අමාත්‍යවරයා යළි දිවයිනට පැමිණෙනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම්, දකුණු ආසියා සහ සාර්ක් අංශ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී එම්. ඒ. කේ ගිරිහාගම යන මහත්වරුන් අමාත්‍යවරයා සමඟ ඉන්දීය නිල සංචාරය සඳහා එක්වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2017 සැප්තැම්බර් 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close