ශ්‍රී ලංකාව සඳහා යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත් කිරීම

03

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව, තානාපති ටුන්ග් ලායි මාර්ගියු මැතිතුමාගේ අනුප්‍රාප්තිකයා වශයෙන්, ශ්‍රී ලංකාව සඳහා යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ඩෙනිස් චයිබි මැතිතුමා පත් කරනු ලැබ ඇත. 2019 නොවැම්බර් 04 වැනි දින පෙ.ව. 10.00 ට කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී එතුමා විසින් ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිරිනමන ලදී.

විදේශ කටයුතු අමාත්‍යාංශය
ජනරජ ගොඩනැගිල්ල
කොළඹ 01
Print Friendly, PDF & Email
Please follow and like us:

Close