විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය ධුරයේ වැඩ භාර ගනියි

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය ධුරයේ වැඩ භාර ගනියි

Image 01

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට අභිනවයෙන් පත් කරනු ලැබූ වසන්ත සේනානායක මහතා අද දින (2019 මැයි 29 වැනි දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ මහතා අද පෙරවරුවේ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, අතිරේක ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අමාත්‍යාංශයට පැමිණි රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා පිළි ගනු ලැබිණි.

සිය ධුරයේ වැඩ භාරගැනීමට පෙර, රාජ්‍ය අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඒ මහතාගේ කාර්යාලයේදී හමු විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 මැයි 29 වැනිදා

Image 02 image 03 Image 04

Print Friendly, PDF & Email
Please follow and like us:

Close