විදේශ කටයුතු අමාත්‍යවරයා සාක් රටවල දූත මණ්ඩල ප්‍රධානීන් හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍යවරයා සාක් රටවල දූත මණ්ඩල ප්‍රධානීන් හමුවෙයි

1

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සාක් රටවල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ ඔවුන්ගේ නියෝජිතයන් අද (31) සිය කාර්යාලයේදී හමු විය. අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සාකච්ඡා කිරීම සඳහා, ඇෆ්ඝනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, මාලදිවයින සහ පාකිස්ථානය යන රටවල දූත මණ්ඩල ප්‍රධානීහූ සහ ඔවුන්ගේ නියෝජිතයෝ මෙම රැස්වීමට සහභාගී වූහ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්‍ය්‍යසිංහ මහතාද මෙම හමුවට සහභාගී විය.

 විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 2018 ඔක්තෝබර් 31 වැනිදා  

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close