නව විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ධුරයේ වැඩ භාරගනියි

නව විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ධුරයේ වැඩ භාරගනියි

Image 01

අභිනවයෙන් පත් කරනු ලැබූ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා, 2018 ඔක්තෝබර් 30 වැනි අඟහරුවාදා දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අමාත්‍යාංශයට පැමිණි නව අමාත්‍යවරයා පිළිගනු ලැබිණි.

සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය අමුණුගම මහතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය ඇමතීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2018 ඔක්තෝබර් 30 වැනිදා

????????????????????????????????????

Image 03

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close