ඕස්ට්‍රේලියවේ  මෙල්බර්න්හිදි මියගිය ශ්‍රී ලාංකික සිසුවෙකුගේ දේහය  ශ්‍රී ලංකාවට  ගෙන්වා ගැනීම

ඕස්ට්‍රේලියවේ  මෙල්බර්න්හිදි මියගිය ශ්‍රී ලාංකික සිසුවෙකුගේ දේහය  ශ්‍රී ලංකාවට  ගෙන්වා ගැනීම

2020 ජනවාරි 15 වන දින මෙල්බර්න් නුවරදී මියගිය ශ්‍රී ලංකා සිසුවෙකුගේ දේහය නැවත මෙරටට ගෙන්වා ගැනීමට විදේශ සබදතා අමාත්‍යාංශය, මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ   අදාළ ඕස්ට්‍රේලියානු බලධාරීන් සමඟ සම්බන්ධීකරණ කටයුතු කර ඇත.

 මෙල්බර්න් නුවරදී සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසුව මෙම සිසුවාගේ දේහය ජනවාරි 26 වන ඉරිදා ශ්‍රී ලංකාවට  ගෙන්වා පවුලේ සාමාජිකයින්ට භාර දීමට කටයුතු යොදා ඇත .

 

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020  ජනවාරි  24 වැනි දින
Print Friendly, PDF & Email
Please follow and like us:

Close