මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සලකා බැලීම

මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සලකා බැලීම

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ වාර්තාව සලකා බැලීම දැනට පැවැත්වෙමින් ඇති මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී 2019 මාර්තු 20 වැනි දින සිදු කෙරෙන අතර ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රාහකත්වය දක්වා ඇති, එම මැයෙන්ම යුත් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා සම්මතය 2019 මාර්තු 21 වැනි දින සලකා බැලීමට නියමිතය.

සෙස්සන්ද ඇතුළුව විදේශ කටයුතු අමාත්‍ය ගරු තිලක් මාරපන මහතා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඊයේ පවත්වනු ලැබූ සාකච්ඡාවලින් අනතුරුව, ජිනීවා නුවර පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා කොළඹින් සහභාගී වන රජයේ නියෝජිත පිරිසෙහි සංයුතිය පහත සඳහන් පරිදි වන බව තීරණය කෙරිණි.

  1. විදේශ කටයුතු අමාත්‍ය ගරු තිලක් මාරපන මහතා  (නියෝජිත පිරිසේ නායක)
  2. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය සරත් අමුණුගම මහතා
  3. උතුරු පළාත් ආණ්ඩුකාර ගරු ආචාර්ය සුරේන් රාඝවන් මහතා
  4. විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා
  5. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ. නෙරින් පුල්ලේ මහතා

ජිනීවා නුවර එක්සත් ජාතීන් සඳහා වූ  ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ. අසීස් මහතා, නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සමන්තා ජයසූරිය මහත්මිය සහ ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ සෙසු අදාළ නිලධාරීහුද ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් වෙති.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 මාර්තු 13 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close