පුල්වමා ත්‍රස්තවාදී ප්‍රහාරය සහ ඊට පසුගාමීව බලාකොට් වෙත ඉන්දියාව විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් වූ ප්‍රකාශය

පුල්වමා ත්‍රස්තවාදී ප්‍රහාරය සහ ඊට පසුගාමීව බලාකොට් වෙත ඉන්දියාව විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් වූ ප්‍රකාශය

 

ඉන්දියාවේ පුල්වමාහිදී මධ්‍යම අතිරේක පොලිස් බළකා (සීආර්පීඑෆ්) රථ පෙළකට එල්ල වූ තිරශ්චීන ත්‍රස්තවාදී ප්‍රහාරය සහ ඉන් අනතුරුව හටගත් මෑතකාලීන සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටියි.

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ත්‍රස්තවාදී උවදුරෙන් පීඩාවට පත් රටක් වශයෙන් ශ්‍රී ලංකාව පුල්වමාහිදී සිදු වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය ඉතා පැහැදිලි ලෙස හෙළා දුටු අතර, ත්‍රස්තවාදයේ සියලු ස්වරූප හා විද්‍යමානවීම්වලට එරෙහිව කෙරෙන්නා වූ සංග්‍රාමයට  සිය තිර සහයෝගය ලබා දෙයි.

දකුණු ආසියා කලාපයේ සාමයට හා ස්ථාවරබවටත්, ද්විපාර්ශ්වික ගැටලු සංවාදය හා විශ්වාසය ගොඩනැංවීම මඟින් විසැඳීම ඇතුළු නොසන්සුන්කාරීබව සමනය කරන සියලු ප්‍රයත්නවලටත් ශ්‍රී ලංකාව සිය දැඩි සහයෝගය පළ කරයි.

මෙම සන්දර්භය තුළ, සමස්ත කලාපයේම ආරක්ෂාව, සාමය හා ස්ථාවරබව සහතික වන ආකාරයකින් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් ඉල්ලා සිටියි.

 

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 පෙබරවාරි 27 වැනිදා   


 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close