කාලිංග ලංකා පදනමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා දිවා භෝජන සංග්‍රහයක් පවත්වයි

කාලිංග ලංකා පදනමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා දිවා භෝජන සංග්‍රහයක් පවත්වයි

Kaling Lanka Foundation

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා 2018 ඔක්තෝබර් 30 වැනිදා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් ඉක්බිති කාලිංග  ලංකා පදනමේ ආරම්භක සභාපති, හිටපු ඉන්දීය විදේශ ලේකම් තානාපති ලලිත් මාන්සිංග් මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීය. සංවර්ධනය වෙමින් පවතින රටවල පර්යේෂණ සහ තොරතුරු පද්ධතියේ සම්භාවනීය සාමාජිකයෙකු වන හිටපු ඉන්දීය වාණිජ ලේකම් රජීව් කේර් මහතා, විශ්‍රාමික තානාපති අනූප් මුද්ගල් මහතා සහ, හිටපු තානාපති සහ විශේෂ නියෝජිත, ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ ගෞරව මහාචාර්ය එස්.ඩී. මුනි මහතා  මෙම ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමට අයත් වූහ.

සියලුම රටවල් සමඟ, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අසල්වැසි කලාපයට අයත් රටවල් සමඟ යහපත් සබඳතා පැවැත්වීම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය බව විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කළේය.

කාලිංග ලංකා පදනම වනාහී සමාන අදහස් ඇති  ඔරිස්සාවේ සහ ශ්‍රි ලංකාවේ පුද්ගලයන් පිරිසක් විසින් පොදු උරුමය සැමරීමට සහ කලා හා සංස්කෘතික, අධ්‍යාපනය, නිපුණතා සංවර්ධනය, විද්‍යාව සහ තාක්ෂණය, සංචාරක, ව්‍යාපාර සහ වෙනත් ක්ෂේත්‍ර යන බහු මාන මූලාරාම්භයන් හරහා ඉන්දියාවේ ජනතාව, විශේෂයෙන්ම ඔරිස්සාවේ, එනම් අතීත කාලිංගයේ ජනතාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව  අතර ඓතිහාසික සබඳතා ශක්තිමත් කිරීම සඳහා පිහිටුවා ගත් සමාජ සංස්කෘතික සංවිධානයකි.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2018 ඔක්තෝබර් 31 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close