අභ්‍යන්තර විගණන අංශය

අභ්‍යන්තර විගණන අංශය

අභ්‍යන්තර විගණන හා විමර්ශන අංශයේ පරමාර්ථය වන්නේ, අභ්‍යන්තර පාලනය සහ ආයතනික පාලනයේ ඵලදායීතාවය තක්සේරු කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා මෙම අමාත්‍යාංශයට විධිමත් හා විනයගරුක විගණන ප්‍රවේශයක් ලබා දීමයි.

  1. අමාත්‍යාංශයේ මූල්‍ය හා අභ්‍යන්තර පාලන පද්ධතිවල විශ්වසනීයත්වය සහ ඵලදායීතාවය ඇගයීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ලබා දීම;
  2. පවත්නා ප්‍රතිපත්ති, නීති, රෙගුලාසි සහ නියමයන්ට අනුකූල වන මට්ටම සමාලෝචනය කිරීම;
  3. මෙම අමාත්‍යාංශයේ කටයුතු විචක්ෂණශීලී, කාර්යක්ෂම හා ඵලදායී ආකාරයකින් සිදු කරන්නේ ද යන්න සොයා බැලීම;
  4. මෙම අමාත්‍යාංශයේ සියලු වත්කම් හා සැලකිලිමත් වන කරුණු පාඩු හා වංචාවලින් ආරක්ෂා වී ඇත්දැයි සොයා බැලීම;
  5. අභ්‍යන්තර පාලන පද්ධතියට අදාළ කරුණු පිළිබඳ මඟපෙන්වීම් සහ නිර්දේශ ලබා දීම;
  6. විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල අභ්‍යන්තර විගණන පරීක්ෂණ පැවැත්වීම; හා
  7. අවශ්‍ය විටෙක විමර්ශන පැවැත්වීම

මෙම අංශයේ ප්‍රධාන ක්‍රියාකාරකම් අතරට අයත් වේ.

සෙසු නිලධාරීන්

ප්‍රධාන විගණන නිලධාරි

නම : ඊ.ආර්.එම්.එස්.එච්. ඒකනායක මහතා
දුරකතනය : +94 11 2 445 827
ෆැක්ස් : +94 112 334 319
විද්‍යුත් තැපෑල : cia(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම : කේ. පී. එන්. පෙරේරා මහතා
දුරකතනය :  +94 11 2 445 827
විද්‍යුත් තැපෑල : auditin(at)mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close